Feb 19, 2021

Maxies - Crysbro පාරේ 13කට කොරෝනා; නිෂ්පාදනාගාරය තවම වැඩ Featured

වෙන්නප්පුව - නයිනමඩම ප්‍රදේශයේ පවත්වාගෙන යන මැක්සීස් සහ සමාගමේ (Maxies & Company (Pvt) Ltd) කුකුළු මස් සැකසුම් ආයතනයේ සේවය කරනු ලබන සේවක සේවිකාවන් 13 දෙනෙකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි වාර්තා වේ.

මේවන විට එම ආයතනයෙන් හමුවූ කොරෝනා වෛරස් ආසාදිතයන් ප්‍රමාණය 20 දක්වා ඉහල ගොස් තිබේ.

පසුගිය 16 වැනිදා ලැබී ඇති පී.සී.ආර්. පරීක්ෂණ වාර්තා අනුව අදාළ නව ආසාදිතයන් 13 දෙනා සොයාගෙන තිබේ.

ආසාදිතයන් සියලුදෙනා වෙන්නප්පුව අවට පදිංචිකරුවන් බව සෞඛ්‍ය අංශ සඳහන් කරයි.

කෙසේවුවද, කොරෝනා රෝගීන් විශාල ප්‍රමාණයක් එම කුකුළු මස් සැකසුම් ආයතනයෙන් මේවන විට හමුවී ඇතත් එහි නිෂ්පාදන කටයුතු තවමත් සිදුකරන බව වාර්තා වේ.

මීට පෙර, ක්‍රිස්බ්‍රෝ කුකුල් මස් (Crysbro) නිෂ්පාදනය කර බෙදාහරින FARM’S PRIDE (PVT) LIMITED ආයතනයේ නිෂ්පාදන ක්‍රියාවලියේ යෙදී සිටි සේවකයකුට කොඩිඩ් - 19 වෛරසය ආසාදනය වීමෙන් පසුව ද ඒ බව වසන් කර ඔවුන්ගේ නිෂ්පාදන ක්‍රියාවලිය දිගටම සිදු කරනු ලැබීය.

මේ සම්බන්ධයෙන් සෞඛ්‍ය අංශ ද මුනිවත රැකීම විශේෂ සිද්ධියකි.

 සබැඳි පුවත්

මිරර් කතාව Crysbro තහවුරු කරයි; ආසාදිතයන් ගණන ඉහල ගිහින්?

"Crysbro වගකීම් විරහිතව කටයුතු කරලා; ප්‍රකාශයක් කරන්න; නැත්නම් වටලනවා”

Crysbro නිෂ්පාදන ක්‍රියාවලියේ සේවකයකුට කොරෝනා: තොරතුරු සඟවලා

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top