එසේම මේ කාලයේදී ශ්‍රී ලංකා රුපියල ස්ටර්ලින් පවුමට සාපේක්ෂව සියයට 5.4 කින්ද යුරෝ මුදලට සාපේක්ෂව සියයට 2.7 කින්ද, ඔස්ට්‍රේලියානු ඩොලරයට සාපේක්ෂව සියයට 4.3 කින්ද, ඉන්දියානු රුපියලට සාපේක්ෂව සියයට 4.6 කින් සහ ජපන් යෙන් මුදලට සාපේක්ෂව සියයට 2.8 කින්ද පිරිහීමට ලක්ව ඇතැයි මහ බැංකුව නිකුත් කළ නවතම වාර්තාවක දැක්වේ.
මේ අතර ගිය වසරේ (2020) දී ඇමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල සියයට 2.6 කින් පිරිහීමට ලක්වූ බවද එම වාර්තාවේ තවදුරටත් දැක්වේ.