Mar 31, 2021

රුපියල ඉතිහාසයේ පහළම අගය වාර්තා කරයි Featured

අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව ශ්‍රී ලංකා රුපියල ඉතිහාසයේ පහළම අගය අද (31) වාර්තා කළේය.

ඩොලරයක විකුණුම් මිළ අද සටහන් වූයේ රුපියල් 202 යි ශත 04 ක් ලෙසය.

ගැණුම් මිළ රුපියල් 197 යි ශත 62 ක් ලෙස වාර්තාවූ බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කළේය.

බ්‍රිතාන්‍ය ස්ටර්ලිං පවුමක විකුණුම් මිල සටහන් වූයේ රුපියල් 278 සත 24 ක් ලෙසය.

යූරෝ එකක විකුණුම් මිල රුපියල් 237 යි සත 40 ක් ලෙස සටහන් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top