Apr 02, 2021

විදුලිබල මණ්ඩලය කොටස් වෙළෙඳපොළට - අපේක්ෂාව බිලියන 20ක්

ණයකර නිකුතුවක් හරහා රු. බිලියන 20ක ප්‍රාග්ධනයක් සම්පාදනය කර ගැනීම සඳහා ලංකා විදුලිබල මණ්ඩලය විසින් ඉදිරිපත් කරන ලද අයදුම්පත කොළඹ කොටස් වෙළෙඳපොළ විසින් අනුමත කර තිබේ.

පස් වසරකින් කල් පිරෙන එම බැඳුම්කර මිලියන 100 ක් කොටස් වෙළඳපොලට නිකුත් කරන අතර ඒ සඳහා වාර්ෂිකව සියයට 9.35 ක පොලියක් හිමිවනු ඇත.

විදුලිබල මණ්ඩලයේ බැඳුම්කර අප්‍රේල් 8 වැනිදා වෙළඳපොලට නිකුත් කෙරෙන අතර එමඟින් රුපියල් බිලියන විස්සක මුදලක් උපයා ගැනීම විදුලිබල මණ්ඩලයේ අපේක්ෂාව වේ.

ඔවුන් මෙලෙස බැඳුම්කර නිකුතුවක් ප්‍රකාශයට පත් කර ඇත්තේ ප්‍රථම වතාවට වන අතර නාගරික සංවර්ධන අධිකාරියට පසු කොළඹ කොටස් වෙළඳපොල හරහා බැඳුම්කර නිකුතුවක් සිදුකරන දෙවැනි මූල්‍ය නොවන රාජ්‍ය ආයතනය විදුලිබල මණ්ඩලය වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top