Apr 07, 2021

බහුජාතික සමාගම් නිසා පොල්තෙල් කර්මාන්තකරුවන් අර්බුදයක Featured

දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන්ට අවශ්‍ය අමුද්‍රව්‍ය නොමැති වීමෙන් මෙරට පරිභෝජනයට අවශ්‍ය පිරිසිදු පොල්තෙල් ප්‍රමාණය නිෂ්පාදනය කිරීම අසීරු වී ඇතිබව සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකවරුන්ගේ සංගමය සඳහන් කරයි.

බහු ජාතික සමාගම්වල අනිසි ක්‍රියා හේතුවෙන් දේශීය පොල්තෙල් කර්මාන්තකරුවන් අර්බුදයකට ලක්ව සිටින බව එහි ප්‍රධාන කැඳවුම්කරු බුද්ධික ද සිල්වා මහතා පවසයි.

මෙරට පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයින් 700ක් පමණ සිටින අතර මෙරටට අවශ්‍ය පොල්තෙල් නිෂ්පාදනය කිරීම සඳහා අවශ්‍ය යන්ත්‍රෝපකරණ ඔවුන් සතුව ඇති බවද ඒ් මහතා අවධාරණය කරයි.

කෙසේ වෙතත් පොල් හිඟය සහ බහුජාතික සමාගම් විසින් වැඩි පොල් සංඛ්‍යාවක් අපනයනය කිරීම හේතුවෙන් පාරම්පරික පොල්තෙල් කර්මාන්තකරුවන් අර්බුදයකට මුහුණ පා සිටින බව වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top