පාර්ලිමේන්තුවේදී අමාත්‍යවරයා මේබව කියා සිටියේය.
මුදල් අමාත්‍යංශයේ ලේකම්වරයාට අභියාචනයක් ඉදිරිපත් කර අවශ්‍යතාවයට අනුව අවශ්‍ය ප්‍රමාණයට පාම් තෙල් ලබාගත හැකි බව ද ඇමැතිවරයා කියයි.
දේශීය තෙල් හා පොල් කර්මාන්තය නඟා සිටුවීමට කටයුතු කරන බවත් පාම් තෙල් සඳහා විදේශයට යන මුදල් ප්‍රමාණය අවම කර ගැනීමට කටයුතු කරන බවත් ඔහු එහිදීකියා සිටියේය.