Apr 26, 2021

පසුගිය වසරේදී ඩොලර් මිලියන 879ක සංචාරක ආයෝජන

කොරෝනා වසංගත තත්ත්වයේ බලපෑම් හමුවේ වුවද 2020 වසරේදී ඇමරිකන් ඩොලර් මිලියන 879.94 ක වටිනාකමක් සහිත නව සංචාරක ආයෝජන ව්‍යාපෘති 54ක් සදහා විදේශීය ආයෝජකයින් ඉදිරිපත්ව ඇතැයි සංචාරක අමාත්‍ය ප්‍රසන්න රණතුංග මහතා පවසයි.

ඉන් ඇමරිකන් ඩොලර් මිලියන 188.4ක වටිනාකමකින් යුක්ත ව්‍යාපෘති 29ක් සඳහා මේ වන විට අවසන් අනුමැතිය ලැබී ඇති බව පවසන ඇමතිවරයා ඉතිරි ආයෝජන සදහා ද කඩිනමින් අනුමැතිය ලබා දීමට කටයුතු කරමින් සිටින බව සදහන් කරයි.

ඉකුත් වසර 10 තුල මෙරට සංචාරක ක්ෂේත්‍රය සම්බන්ධයෙන් ව්‍යාපෘති 854 ක්‍රියාත්මක කර ඇති අතර ඩොලර් මිලියන 7026 ආදායමක් එමගින් ලබා ගෙන තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top