May 01, 2021

ආර්ථිකය 3.6කින් පල්ලම් බැහැලා - ක්‍රෙඩිට් ණයත් කෝටි 11,800ක් Featured

නිදහසින් පසු ශ්‍රී ලංකාවේ විශාලතම ආර්ථික අවපාතය පසුගිය වසරේ වාර්තා කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

ඊයේ (30) ප්‍රකාශයට පත්කෙරුණුු 2020 වසර සඳහා වන ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාව මඟින් මේ බව අනාවරණය කර තිබේ.

එමඟින් දක්වා ඇත්තේ පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ ආර්ථිකය සියයට සෘණ අගයක් එනම් සියයට 3.6 ආර්ථික අවපාතයක් පෙන්නුම් කරන බවය.

පසුගිය වසරේ බලපෑ කොවිඩ් -19 ව්‍යාප්තිය වැළැක්වීමේ අරමුණින් දේශය හා ගෝලීය වශයෙන් පැනවූ බාධක මීට හේතු වී ඇති බව මහ බැංකුව පෙන්වා දෙයි.

මීට අමතරව 2019 වසරේ ඩොලර් 3,852ක්ව පැවති ඒක පුද්ගල ආදායම පසුගිය වසරේදී ඩොලර් 3,682ක් දක්වා පහත බැස ඇති බව ද මහ බැංකු වාර්තාවෙන් අනාවරණය කරයි.

ක්‍රෙඩිට් කාඩ් ණය කෝටි 11,800ක්

2021 වසරේ පෙබරවාරි මාසය අවසන් වන විට අපේ රටේ ජනතාව ක්‍රෙඩිට් කාඩ්වලින් ණය වී ඇති ප්‍රමාණය රුපියල් කෝටි 11800.7ක් බව ශ්‍රී ලංකා මහ බැංකුව සඳහන් කරයි.

2020 දී රුපියල් කෝටි 11700.2ක් වූ ක්‍රෙඩිට් කාඩ් ණය ප්‍රමාණය හා සසඳන විට වැඩිවීම කෝටි 100.5ක් වේ. ජාත්‍යන්තරව පිළිගත් ක්‍රෙඩිට් කාඩ් ගනුදෙනුවලින් ණය වී ඇති මුදල 2021 වසරේ රුපියල් කෝටි 8500.4ක් වුවද 2020 වසර තුළ මෙම මුදල කෝටි 8400.5ක්ව තිබුණි.

මේ වන විට ශ්‍රී ලංකාව තුළ පාවිච්චි කෙරෙන ක්‍රෙඩිට් කාඩ් සංඛ්‍යාව ලක්ෂ 19ක් බව ශ්‍රී ලංකා මහ බැංකු වාර්තාවේ දැක්වේ. 2021 වසරේ මුල් මාස දෙක තුළ පමණක් අලුතින් කාඩ්පත් 20,927ක් නිකුත් කර ඇත. 2020 අවුරුද්දේදී පාවිච්චි කර ඇති මුළු ක්‍රෙඩිට් කාඩ්පත් සංඛ්‍යාව ලක්ෂ 18ක් විය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top