Jun 01, 2021

රොටි කාලත් හමාරයි ප්‍රීමා රොටි පිටි මිල වැඩිකරයි!

ප්‍රිමා සමාගම විසින් නිෂ්පාදනය කරන  රොටි පිටි  මිල අද (01) වැනිදා සිට රු 4 කින් ඉහල නංවා ඇති බව ප්‍රීමා තිරිගු පිටි සමාගමේ ඒජන්තවරු පවසති.

කොත්තු රොටි, පොල් රොටි, අල රොටි, බිත්තර රොටි, පිට්ටු, ඉදි ආප්ප සහ පරාටා ඇතුළු ආහාර ද්‍රව්‍ය රැසක් රොටි පිටිවලින් පිළියෙළ කරන අතර පාරිභෝගිකයෝ ද විශාල වශයෙන් රොටි පිටිවලට හුරුව සිටිති.

රොටි පිටි කිලෝ 50 ක මිටියක් මිට පෙර රුපියල් 2150 අලෙවි කල අතර , නව මිල යටතේ එය රුපියල් 2350 කට අලෙවි කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top