Jul 20, 2021

ගෑස් හිඟයක්? - ලාෆ්ස් ගෑස් නවතයි

ප්‍රධාන කරුණු දෙකක් හේතුවෙන් මෙරට ගෘහස්ත ගෑස් කර්මාන්තයේ සිටින ප්‍රධානතම සමාගමක් වන ලාෆ්ස් සමාගම ගෑස් ආනයනය කිරීමට තීරණය කිරීම හේතුවෙන් වෙළඳපොළ තුළ ගෑස් හිඟයක් නිර්මාණය වන හැඩ පෙනෙන්නට ඇති බව වාර්තා වේ.

ණයවර ලිපි විවෘත කිරීමේ ගැටලුව මෙන්ම බැංකු මුහුණ දී ඇති විශාල විදේශ විනිමය ගැටලුව හේතුවෙන් මෙම තීරණය ගෙන ඇති බව ලාෆස් සමාගමේ නියෝජ්‍ය සභාපති තිලක් ද සිල්වා මහතා පවසයි.

ගෑස් මිල වැඩි කිරීම සම්බන්ධයෙන් පසුගිය රජයෙන් මෙන්ම වත්මන් රජයෙන් ඉල්ලීම් කළත් ඒ පිළිබඳව පිළිතුරු නොලැබුණ බවද ඔහු පැවැසීය.

සමාගම මේ වන විට රුපියල් බිලියන 5.3 ක අලාභයක් ලබා ඇති බවත් ගෑස් සිලින්ඩරයකින් රුපියල් 750ක පමණ අලාභයක් ලබන බවද නියෝජ්‍ය සභාපතිවරයා වැඩිදුරටත් සඳහන් කර සිටියි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top