Jul 21, 2021

ඩොලර් හිඟය ඔඩුදුවයි ලක්ෂ හතේ බොරතෙල් ටෙන්ඩරයට ලංසුත් නෑ

ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව බොරතෙල් ලක්ෂ 7ක් ලබා ගැනීම සඳහා කැඳවා තිබී ඊයේ (20) වසා දැමුණු කෙටිකාලීන ටෙන්ඩරයට කිසිදු බොරතෙල් සපයන සමාගමක් ලංසු තබා නැතැයි ශ්‍රී ලංකා මිරර් වෙත වාර්තා වේ.

අදාළ සමාගම් මෙසේ ලංසු තබා නැත්තේ ශ්‍රී ලංකාවේ පවතින දැඩි ආර්ථික අර්බුදය නිසා බවද පැවසේ.

එම තත්ත්වය හේතුවෙන් මේවන විට ලංකාව දැඩි ඩොලර් හිඟයක ගිලී සිටින අතර ලබන ජූලි 31 වැනිදායින් පසුව මේ තත්ත්වය තවත් දරුණු වනු ඇතැයි පැවසේ.

ඒ ජූලි 31 වන විට ඩොලර් බිලියනයක ණය වාරිකයක් ගෙවීමට ඇති හෙයිනි.

කෙසේවුවද, ඛනිජ තෙල් සංස්ථා ආරංචි මාර්ගවලින් වාර්තා වන්නේ මෙවැනි කෙටිකාලීන ටෙන්ඩරයක් සඳහා පෙර අවස්ථාවලදී සමාගම් 4ක් හෝ 5ක් ලංසු තබන බවයි.

මීට පෙරද, ඔක්ටේන් 92 පෙට්‍රල් සඳහා වූ මෙවැනි කෙටිකාලීන ටෙන්ඩරයක්ද ජූලි 02දා ජූනි 28 වැනිදා විවෘත කර ජූලි 02දා වසා දමා තිබුණි.

සබැඳි පුවත්
පෙට්‍රල් හිඟයක් එන්නේ නෑ - ගම්මන්පිල; හදිසි ටෙන්ඩරය ඇයි?

පෙට්‍රල් හිඟයක් - Exclusive

ඉන්ධන නැවක් සල්ලි ගන්න බැරුව දවස් ගාණක් රස්තියාදු වෙලා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top