Oct 02, 2021

කිරිපිටි කිලෝවක් 200කින් වැඩිවෙයි, ලබන සතියේදී හිඟයට විසඳුම් ?

කිරිපිටි කිලෝවක මිල රු 200කින් වැඩිවෙන බවත් ඒ අනුව කිරිපිටි කිලෝවක වෙළෙඳපොළ මිල රු 1,145ක් දක්වා වැඩිවන බවත් කිරිපිටි ආනයනකරුවන් සඳහන් කරයි.

කැබිනට් මණ්ඩලයට අනුමැතිය සඳහා එම මිල ගණන් ඉදිරිපත් කරන බව කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමයේ සාමාජික ලක්ෂ්මන් වීරසූරිය මහතා අද (02) රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් පැවසීය.

ඒ අනුව ලබන සතිය වනවිට කිරිපිටි හිඟයට විසඳුම් ලැබෙනු ඇතැයි අපේක්ෂා කරන බවද කිරිපිටි වරායෙන් නිදහස්කර ගැනීම සඳහා ඩොලර් හිඟයක් තවමත් පවතින බවද ඒ මහතා කියා සිටියි.

වැඩිදුරටත් අදහස් දැක්වූ ලක්ෂ්මන් වීරසූරිය මහතා මෙසේද පැවසීය.

"වසරකට ටොන් 80,000ක් විතර ගෙන්වනවා අපි."රු. 945යි පාරිභෝගිකයා ට යන්නේ. නමුත් අපි දෙන්නේ රු. 820කට විතර. අපිට දැන් විකුණන කොට ඍණ අගයක් 30% විතර තියෙන්නේ. උපරිම වශයෙන් පාරිභෝගික අධිකාරියෙන් දෙන්නේ කිරිපිටිවලට සියයට 4යි. හැමදාම අපිට තියෙන්නේ සියයට 2යි 1යි. මේ අවුරුද්දේ බැලුවොත් අති විශාල පාඩුවක්. මේක මාසයකට බැලුවහම රු 350 ගානේ පාඩුව බැලුවොත් එහෙම මිලියන 1,200ක් විතර පාඩුයි මේ සමාගම් ටිකට."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top