Oct 03, 2021

7දා ශ්‍රී ලංකන්, යළිත් කෝප් කමිටුව හමුවට

jශ්‍රී ලංකන් ගුවන් සේවය ඔක්තෝබර් 07දා පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාර පිළිබඳ කාරක සභාව වෙත කැඳවා ඇතැයි එහි සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී මහාචාර්ය චරිත හේරත් මහතා පැවසීය.
 
ඒ අනුව සීමාසහිත ශ්‍රී ලංකන් ගුවන් සේවා සමාගම පසුගිය ජූලි 07 වැනිදා කෝප් කමිටුව හමුවට කැඳවූ අවස්ථාවේදී සිදු කරන ලද විමර්ශනයන්ට අදාලව ගුවන් සේවා හා අපනයන කලාප සංවර්ධන රාජ්‍ය අමාත්‍යාංශය විසින් කෝප් කමිටුව වෙත එවා ඇති වාර්තාවට අදාල කරුණු සාකච්ඡා කිරීමටද නියමිතය.
 
ඒ සඳහා කමිටු සාමාජිකයන්ගේ විශේෂ රැස්වීමක් ලබන 05 වැනිදා පැවැත්වීමට නියමිත බවද සභාපතිවරයා පැවසීය.
 
මේ අතර, ඔක්තෝබර් 06දා ශ්‍රී ලංකා ගමනාගමන මණ්ඩලය කෝප් කමිටුව හමුවට පැමිණීමට නියමිතව තිබේ.
 
නියමිත සෞඛ්‍ය රෙගුලාසීන්ට අනුකූලව අවශ්‍ය නිලධාරීන් මාර්ග ගත ක්‍රමය ඔස්සේ ද සම්බන්ධ කොට ගෙන එළඹෙන සතියේ කෝප් කාරක සභා රැස්වීම් පැවැත්වීමට සැලසුම්කොට ඇති බවද සභාපතිවරයා තවදුරටත් පැවසීය.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top