Oct 04, 2021

තෙල් සංස්ථාව හරහා කළු සල්ලි සුදු කිරීමට 7% ක් ගන්න බ්‍රෝකර්

තෙල් සංස්ථාව PSL  නමැති ඇමෙරිකානු සමාගමකින් ඩොලර් බිලියන දෙක හමාරක ණයක් ලබාගැනීමට යන බවත් කළු සල්ලි සුදු කිරීම සඳහා රටේ තෙල් සංස්ථාව යොදාගැනීම රටක් වශයෙන් බරපතළ හානිදායක තත්ත්වයක් බවත් ජනතා විමුක්ති පෙරමුණේ මධ්‍යම කමිටු සාමාජික දූෂණ විරෝධී හඬ සංවිධානයේ කැඳවුම්කරු වසන්ත සමරසිංහ අනාවරණය කරයි.

එකී ඩොලර් බිලියන දෙකහමාරක ණය මුදල ස්වෛරී බැඳුම්කරයක් හෙවත් රජයේ බැඳුම්කරයක් ඇප  වශයෙන් තබා ලබාගැනීමට සූදානම් බවත්ද සමරසිංහ මහතා පවසයි.

විශේෂයෙන්ම මෙම ණය ලබාගැනීම ක්‍රියාත්මක වන්නේ ඒජන්තවරයකු හරහා වන අතර බ්‍රෝකර් ගාස්තු වශයෙන් 7%ක් ගෙවිය යුතු බවත් එසේ නම් අදාළ  බ්‍රෝකර් කවුද? මේ මුදල් බැර වන්නේ කුමන පුද්ගලයාට දැයි ඒ මහතා ප්‍රශ්න කරයි.

මේ සඳහා පාර්ලිමේන්තුවේ අනුමැතිය ලබාදී තිබේදැයි ප්‍රශ්න කරන ඒ මහතා තවදුරටත් පෙන්වා දුන්නේ ජාත්‍යන්තර බැ¾දුම්කර විකිණීමට නොහැකි වීම, මෙරටට ණය ලබාදීමට විවිධ රටවල් අවිනිශ්චිතභාව පළ කිරීම වැනි කාරණා තිබියදී මෙවැනි ණයක්  ලබගැනීමට යෑම තුළ ගැටලු ගණනාවක් පැන නැඟී ඇති බවයි.

තවද මෙම සමාගම සමඟ අපේ රටට ඇති සම්බන්ධය කුමක්දැයි හෙතෙම වැඩිදුරටත් ප්‍රශ්න කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top