Oct 06, 2021

තෙල් ණය පොලී වෙනුවට ඕමානය දිගු කාලීන බද්දට ඉඩමක් ඉල්ලලා!

ශ්‍රී ලංකාව සඳහා තෙල් ලබාගැනීමේ කටයුතු වෙනුවෙන් සඳහා වසරක කාලයක් සඳහා ඩොලර් බිලියන 3.6 ක ණය මුදලක පොලී ගෙවීම වෙනුවට දිගු කාලීන බදු ඉඩමක් ලබා දෙන ලෙස ඕමානය ඉල්ලීමක් කර ඇතැයි වාර්තා වේ.

අද (06) පැවති කැබිනට් මණ්ඩල රැස්වීමේදී මේ බව අනාවරණය විය.

මාධ්‍යවේදීන් නැගූ ප්‍රශ්ණ වලට ප්‍රතිචාර දක්වමින් සම කැබිනට් ප්‍රකාශක - වෛද්‍ය රමේෂ් පතිරණ මහතා පැවසුවේ, එවැනි ඉඩම් හිමිකමක් සම්බන්ධයෙන් කැබිනට් තීරණයක් ගෙන නැති බවත්, රජය එකඟතාව පළ කර ඇත්තේ ණයක් ගැනීම සඳහා පමණක් බවයි.

මෙරට තෙල් සංචිත විමර්ශනය සඳහා ඉඩමක් වෙන් කිරීම සම්බන්ධයෙන් ඔවුන් එවැනි ඉල්ලීමක් කර ඇතැයි දැනගැනීමට ලැබුන නමුත් එවැන්නකට කැබිනට් අනුමැතිය නොලැබුනු බව ඔහු වැඩිදුරටත් පැවසීය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top