Oct 07, 2021

කිරිපිටි, එල්පී ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි පාලන මිල ඉවත් කරයි!

කිරිපිටි, එල්පී ගෑස්, සිමෙන්ති සහ තිරිඟු පිටි සඳහා පනවා තිබූ පාලන මිල ඉවත් කිරීමට රජය තීරණය කර ඇතැයි වාර්තා වේ.
 
මේ අතර, රාජ්‍ය අමාත්‍ය ලසන්ත අලගියවන්න මහතා පවසා ඇත්තේ කිරිපිටි, තිරිඟු පිටි, ගෑස් සහ සිමෙන්ති මිල අසාධාරණ ලෙස ඉහළ දැමීමට ඉඩ නොතබන ලෙස ජනාධිපතිවරයා අමාත්‍යවරුන්ට උපදෙස් ලබාදුන් බවයි.
 
මේ අතර,  ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ අද (07) පැවති මාධ්‍ය හමුවකදී මහ බැංකු අධිපති අජිත් නිවාඩ් කබ්රාල් මහතා කියා සිටියේ ඉදිරි මාස කීපය තුළ ලෝකෙ රටවල් කුමන පසුබෑමකට ලක්වුවද ශ්‍රී ලංකාවේ ආර්ථිකය ඉහළට රැගෙන යන බවට සහතික වන බවයි.
 
මහ බැංකුවේ සාර්ව ආර්ථික හා මූල්‍ය පද්ධති ස්ථායිතාව සහතික කිරීම සදහා වන සය මාසික පෙර දැක්ම පිළිබද විග්‍රහයක් එහිදී සිදුකෙරුණි.
 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top