Oct 09, 2021

ඒලියන් JAT අලුත් ෂර්ට් එක ඇඳගෙන ෆොටෝ දාලා!

කොළඹ කොටස් හුවමාරුවෙහි ලැයිස්තුගත JAT Holdings PLC සමාගම පසුගියදා එළිදැක්වූ නිල ඇඳුම ඇඳගෙන එම සමාගමේ නිර්මාතෘ සහ කළමනාකාර අධ්‍යක්ෂ ඒලියන් ගුණවර්ධන මහතා ඡායාරූප කිහිපයක් වෙබ් අඩවිවල මුදාහැර තිබේ.

අද වනවිට JAT Holdings PLC සමාගම මගින් මෙරට තුළ වරලත් අලෙවි නියෝජිතයන් ලෙස කටයුතු කරන සියලුම වෙළෙඳ නාමයන් නිරූපණය වන පරිදි මෙම නව නිල ඇඳුම සකස් කර ඇත.

මෙම නව සමාගම් නිල ඇඳුම JAT Holdings PLC සමාගමේ ඉදිරි සාංගමික සන්නාමකරණය සහ අනන්‍යතාව වෙත අතිශය වැදගත් අවස්ථාවක් වනු ඇතැයිද සමාගම සඳහන් කරයි.

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නිල ඡායාරූප ශිල්පී සාගර ලක්මාල්ද මැල් මහතා මෙම අවස්ථාව ඡායාරුපයට නැගීමසිදු කර තිබේ.

ඡායාරූප - සාගර ලක්මාල්ද මැල් ගේ ෆේස්බුක් පිටුවෙනි.

Elian1 670px 21 10 09

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top