Oct 09, 2021

කිරිපිටි මිල ගැන අවසන් තීරණයක් ගනියි Featured

ආනයනික කිරිපිටි අලෙවි කරන මිල ගණන් සම්බන්ධයෙන් කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය අවසන් තීරණයකට පැමිණ තිබේ.

ඒ අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක් රුපියල් 250කින් සහ ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 100කින් මිල ඉහළ දමා ඇත.

වැඩි කළ කිරිපිටි මිල ගණන් අනුව කිරිපිටි කිලෝග්‍රෑමයක නව මිල රුපියල් 1,195ක් වන අතර, ග්‍රෑම් 400 කිරිපිටි පැකට්ටුවක් රුපියල් 480ක් ලෙස දැක්වේ.

කිරිපිටි ආනයනකරුවන්ගේ සංගමය සඳහන් ක‍ළේ ලබන සඳුදා සිට කිරිපිටි තොග වෙළඳපොලට නිකුත් කිරීමට බලාපොරොත්තුවන බවය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top