Oct 11, 2021

පාන් මිලත් ඉහළට - සෙසු නිෂ්පාදනවල මිල තීරණය බේකරි හිමියන්ට

අද (11) මධ්‍යම රාත්‍රීයේ සිට ග්‍රෑම් 450ක පාන් ගෙඩියක මිල රුපියල් 5කින් වැඩි කිරීමට සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය තීරණය කර තිබේ.

තිරිඟුපිටි මිල ඉහළ දැමීම හේතුවෙන් බේකරි නිෂ්පාදන මිල ඉහළ දැමීම සම්බන්ධයෙන් සාකච්ඡාවක් අද දහවල් බේකරි හිමියන්ගේ සංගමය විසින් පවත්වා ඇත.

සෙසු බේකරි නිෂ්පාදන මිල සම්බන්ධයෙන් පාරිභෝගිකයා පීඩාවට පත් නොවන අයුරින් මිල වැඩි කිරීමට බේකරි හිමියන්ටම ඉඩ ලබා දෙන බව එම සංගමය සඳහන් කරයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top