Pasidol
Sathosa Ad Final Sinhala
Apr 01, 2017

කොට්න් කලෙක්ෂන් එක්ක අවුරුදු සිරි

මෙරට විලාසිතා ක්ෂේත්‍රයේ විශේෂ නමක් දරා සිටින ‘කොට්න් කලෙක්ෂන්’ (Cotton Collection) එළැඹෙන සිංහල හා හින්දු අළුත් අවුරුද්ද වෙනුවෙන් පාරිභෝගිකයන් හට විශේෂ වාසි රැසක් ලබාදීමට සූදානම් වේ.

‘කොට්න් කලෙක්ෂන්’ආයතනයේ සියළුම අලෙවිසැල් වලින් මුදල් ගෙවා භාණ්ඩ මිලදී ගන්නා විට මෙන්ම ඩෙබිට් හා ක්‍රෙඩිට් කාඩ්පත් හිමියන් ට වාසි රැසක් හිමිවේ.

මෙවර අවුරුදු උත්සවයේ සුභ වර්ණ ලෙස නම් කර ඇති සුදු, කහ හා නිල් පැහැයන් ට ගැලෙපන ලෙස හා උෂ්ණ දේශගුණයට වඩාත් සුදුසු වන කපු හා ලිනන් රෙදි වලින් නිර්මාණය කෙරුණු උසස් විලාසිතා නිමැවුම් එකතු පාරිභෝගිකයන් හට ලබාගත හැක.

ඊට අමතරව, කොළඹ ධර්මපාල මාවතේ පිහිටා ඇති ‘කොට්න් කලෙක්ෂන්’ආයතනයේ ප්‍රධාන අලෙවිසැල් පරිශ්‍රයේදී ’කැවිලි කඩය’ අප්‍රේල් 08 - 12 දක්වා විවෘතව පවතිනු ඇති අතර, මෙම ස්ථානයෙන් ඉතා උසස් තත්ත්වයෙන් නිමවූ රසවත් අවුරුදු කැවිලි ලබාගැනීමට ද පැමිණෙන මෙන් ‘කොට්න් කලෙක්ෂන්’ආයතනය මහජනයා හට ආරාධනා කර සිටියි.

කොළඹ ධර්මපාල මාවතේ පිහිටා ඇති ‘කොට්න් කලෙක්ෂන්’ආයතනයේ ප්‍රධාන අලෙවිසැල අප්‍රේල් 07 - 12 දක්වා ප.ව. 10.00 තෙක් විවෘතව පවතියි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top