Pasidol
Sathosa Ad Final Sinhala
Apr 03, 2017

HSBC බැංකුවෙන් ලිංගිකත්වය හෙළි නොකෙරෙන ගරු ආමන්ත්‍රණ

ජංගම ගිණුම් සඳහා නම සඳහන් කිරීමේදී මහතා, මෙනවිය සහ මහත්මිය වැනි ගරු ආමන්ත්‍රණ වලට අමතරව ලිංගිකත්වය හෙළි නොකෙරෙන ගරු ආමන්ත්‍රණ භාවිත කිරීමට HSBC බැංකුව සිය ගණුදෙනුකරුවන්ට අවස්ථාව සලසා දී තිබේ.

ඒ අනුව Mr, Mrs, Ms හෝ Mx වලට අමතරව ලිංග භේදයකින් තොරව සිය නමට ඉදිරියෙන් භාවිත කළ හැකි නව ගරු ආමන්ත්‍රණ යෙදුම් නමයක් බැංකුව විසින් හඳුන්වා දී ඇත.

ලිංගිකත්වය මත පදනම්ව සිය අනන්‍යතාව තීරණය වීම පිළිබඳව මනාපයක් නොමැති ගනුදෙනුකරුවන්ට සිය ලිංගිකත්වය හෙළි නොකොට බැංකු ගනුදෙනු සිදු කිරීමට අවස්ථාව සැලසීම එහි අරමුණ බව HSBC බැංකුව පවසයි.

යම් පුද්ගලයෙකු වැඩිවියට පත්වීමෙන් පසු සිය ලිංගිකත්වය වෙනස් කිරීමට අදහස් කරන්නේ නම් ඔහු හෝ ඇය එම ක්‍රියාදාමයෙන් පසු අපහසුතාවකට පත් නොවී සිය ලිංගිකත්වය හෙළිකිරීමෙන් තොරව එදිනෙදා බැංකු ගනුදෙනු වෙත පහසුවෙන් නැවතත් යොමු වීමට මෙමගින් අවස්ථාව හිමි වනු ඇති බව HSBC බැංකුව විශ්වාස කරයි.

ලිපිනය සඳහන් කිරීමේ දී පවා :

රෝයල් බෑන්ක් ඔෆ් ස්කොට්ලන්ඩ් සහ බාක්ලේස් යන බැංකු සමාගම්ද සිය ගනුදෙනුකරුවන්ට ලිංගිකත්වය හෙළි නොකෙරෙන ගරු ආමන්ත්‍රණ සිය නමට ඉදිරියෙන් භාවිත කිරීමට අවස්ථාව සලසා දී තිබේ.

බැංකු ගිණුම් හිමියාගේ ගිණුම් තොරතුරු බැර පත් සඳහා පමණක් නොව ලිපිනය සඳහන් කිරීමේ දී පවා එම නව ගරු ආමන්ත්‍රණ යෙදුම් භාවිත කිරීමට HSBC බැංකුව බලාපොරොත්තු වේ.

මේ අනුව Mx, Ind, M, Misc, Mre, Msr, Myr, Pr, Sai, Ser, Per, Sigh, Sair, Mix, Mux යන නව ගරු ආමන්ත්‍රණ යෙදුම් භාවිත කිරීමට HSBC බැංකු හිමියන්ට අවස්තාව සැලසේ.

(බීබීසී සංදේශය)

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top