Pasidol
Sathosa Ad Final Sinhala
Apr 06, 2017

චෝදනා එල්ලව ඇති ශ්‍රීලංකන් ගිවිසුමක් දීර්ඝ කරයි Featured

පකිස්තානු ගුවන් සේවය සමඟ වන 330 ගුවන් යානා ගනුදෙනුව සම්බන්ධයෙන් ශ්‍රීලංකන් ගුවන් සේවයට දූෂණ සහ අක්‍රමිකතා චෝදනා එල්ලව තිබුණ ද, යුරෝපා සමාගමකින් ඒ 330-320 ගුවන් යානා තුනක් බදු ගැනීම සඳහා අනුමැතිය දීමට රජය තීරණය කර ඇත.

එස්ඒඑස්ඕෆ් ඒවියේෂන් අයර්ලන්ඞ් නමැති එම සමාගම අදාළ ගනුදෙනුව සම්බන්ධයෙන් ගොනු කර ඇති නඩුවක් මේ වන විට ජාත්‍යන්තර වාණිජ අධිකරණය ඉදිරියේ විභාගයට ගැනේ.

අදාළ ගිවිසුම්වලට අනුකූළව කටයුතු කරන්නැයි ශ්‍රීලංකන් ගුවන් සේවයට නියෝගයක් නිකුත් කරන්නැයි පෙත්සම්කරු ඉල්ලා සිටී.

මෙම තත්ත්වය යටතේ, ශ්‍රීලංකන්හි අධ්‍යක්ෂ මණ්ඩලයෙහි ඒකමතිකත්වයක් නොමැති අතර, අදාළ ගිවිසුම දීර්ඝ කරන්නැයි රජයේ ඉහළ පෙළේ කමිටුවක් විසින් ශ්‍රීලංකන් වෙත දැනුම් දී ඇත.

කෙසේ වෙතත්, පසුගිය වසරේදී අදාළ ගිවිසුම දීර්ඝ කිරීමට සමාගමේ ප්‍රධාන විධායක නිලධාරීයා ඒකමතිකව තීරණය කිරීම සම්බන්ධයෙන් විමර්ශණයක් සිදු කෙරේ.

ගුවන් සමාගමේ ආදායම ඉහළ නංවා ගැනීමේ එකම මාර්ගය වන්නේ එම ගිවිසුම දීර්ඝ කිරීම බව විශේෂ ව්‍යාපෘති ඇමති සරත් අමුණුගම කියා සිටී.

මේ අතර, ශ්‍රීලංකන් ගුවන් සමාගම විසින් පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවයට ඒ330 ගුවන් යානා තුනක් බදු දීමේදී සහ යුරෝපා සමාගමකින් ඒ-330-200 යානා තුනක් බදු ගැනීමේදී දූෂණ හෝ පරිපාලන වැරදි සිදුව ඇතිදැයි සොයා බැලීම සඳහා රජය පරීක්ෂණයක් පවත්වයි.

එම ගනුදෙනුවලින් රටට මූල්‍ය අලාභයක් සිදුව ඇතිනම් ඊට වගකිවයුතු ශ්‍රීලංකන් ප්‍රධාන විධායක නිලධාරියා ඇතුළු නිලධාරීන්ට එරෙහිව ගත යුතු පියවර සහ අනෙකුත් නිර්දේශ ලබා දීම සඳහා ඉහළ පෙළේ නිලධාරීන් පිරිසක් පත් කොට ඇත.

පකිස්තානු ජාත්‍යන්තර ගුවන් සේවය සමඟ පැවති ගිවිසුම අවසන් වී මාස තුනක් ගතව ඇතත්, ඊට ගුවන් යානා බදු දීම වෙනුවෙන් ලැබිය යුතු ඩොලර් මිලියන දෙකක මුදලක් සහ එහි පොලිය තවමත් ශ්‍රීලංකන් සමාගමට ලැබී නොමැත.

මෙම ගනුදෙනුවේදී වංචා හෝ දූෂණ සිදුව ඇති බවට වන චෝදනා සම්බන්ධයෙන් පකිස්තානු රජය ද පරීක්ෂණ පවත්වන අතර, එරට ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරියා වශයෙන් කටයුතු කළ ජර්මන් ජාතික බර්න් හිල්ඩන්බ්‍රෑන්ඞ් හට රටින් පිටවීම තහනම් කර ඇත.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top