Pasidol
Sathosa Ad Final Sinhala
Apr 14, 2017

‘ස්මාර්ට්වොච් ඕනෙ ඇයි කියලා තේරෙන්නෑ’

ස්මාර්ට්වොච් උපාංග තිබීමේ තේරුම නොතේරෙන බව චීනයේ Huawei සමාගෙම් ප්‍රධානියා වන එරික් සූ පවසයි.

පැළඳිය හැකි තාක්ෂණික උපකරණ හේතුවෙන් ස්මාර්ට්ෆෝන් අභාවයට යන්නේ දැයි ඔහුගෙන් ඇසූ පැණයකට ඔහු මෙලෙස පිළිතුරු ලබාදී තිබේ.

“අපට ඕන‍ හැමදේම අපේ ෆෝන් වල තියෙද්දී ස්මාර්ට්වොච් පැළඳීමට ඕනෙ ඇයි කියලා මට තේරුම්ගන්න බෑ,” යැයි ඔහු පවසා ඇත.

ස්මාර්ට්වොච් වෙළඳපොලේ මේ වන විට ඉදිරියෙන්ම සිටින්නේ ඇපල් හා සැම්සුන් සමාගම් වන අතර, හුවාවේ සමාගමද පසුගියදා බාසිලෝනා හි පැවති මොබයිල් කොන්ග්‍රසයේදී ස්මාර්ට්ෆෝන් උපාංගයක් එළිදක්වා තිබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top