May 12, 2022

ගෑස් පොලිසිය හරහා

ලිට්‍රෝ ගෑස් බෙදාහැරීම පොලිසිය හරහා හෙට (13) දිනයේ ක්‍රියාත්මක කරන බව ලිට්‍රෝ ගෑස් සමාගමේ ආරංචිමාර්ග සඳහන් කරයි.

එහි පළමු පියවර ලෙස කොළඹ නගර සීමාවට ගෑස් 15,000 ක් හෙට නිකුත් කිරීමට නියමිත බවත් එම ගෑස් පොලිසියේ මැදිහත්වීමෙන් බෙදාහරින ආකාරය පිළිබඳව මේ වන විට සාකච්ඡා කරමින් සිටින බවද පැවසේ.

ලිට්‍රෝ සමාගමේ ගෑස් ලොරි රථවලින් ගෑස් අදාල ප්‍රදේශවල ක්‍රීඩාංගණ වෙත ගෙන ගොස් පොලිස්යේ සෘජු මැදිහත් වීමෙන් අළෙවි කිරීමට සැළසුම් කර ඇති බවද වැඩිදුරටත් වාර්තා වේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top