Pasidol
Sathosa Ad Final Sinhala
Apr 17, 2017

මට්ටක්කුලියට මත්ස්‍ය සැකසුම් කම්හලක්

නවතම තාක්ෂණය සමග මත්ස්‍ය සැකසුම් කම්හලක් ඉදිකිරීමට ධීවර කටයුතු පිළිබඳ අමාත්‍යංශය සැරසේ.

ධීවර අමාත්‍ය මහින්ද අමරවීර මහතා ගේ යෝජනාවකට අනුව සිදුවන මෙම කම්හල මට්ටක්කුලියේ පිහිටි ධීවර සංස්ථා පරිශ්‍රයේ ඉදිවීමට නියමිතය.

මේ සඳහා අවශ්‍ය රු. මිලයන 75ක මූල්‍ය ප්‍රතිපාදන භාණ්ඩාගාරයෙන් ලබාදෙනු ඇත.

ශ්‍රී ලංකාවේ සැකසුනු මත්‍ස්‍ය නිෂ්පාදන සඳහා ජාත්‍යන්තර වෙළඳපොලේ ඉතා ඉහළ ඉල්ලුමක් පවතින නමුත්, ශ්‍රී ලංකාවෙන් මේ වන විට සපයනු ලබන්නේ එම සමස්ථ ඉල්ලුමෙන් 35%ක් පමණි.

මෙම කර්මාන්ත ශාලාව ඉදිකිරීමත් සමග සිය මත්ස්‍ය නිෂ්පාදන සඳහා ඉහළම මිලක් ලබාගැනීමට ශ්‍රී ලංකාවට හැකිවනු ඇත.

පසුගිය වසරේදී මත්ස්‍ය අපනයන වලින් ශ්‍රී ලංකාව ලද ආදායම රු. මිලියන 1,200ක් වන අතර, මේ වසරේ දී එම ආදායම තුන්ගුණයකින් ඉහළ යනු ඇතැයි අපේක්ෂා කරන බව අමාත්‍ය මහින්ද අමරවීර මහතා පවසයි.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top