Jun 22, 2022

මත්පැන් ඉල්ලුම සියයට 30කින් පහළට Featured

රට තුල මත්පැන් ඉල්ලුම සියයට 30කින් පමණ අඩුවී ඇති බව රාජ්‍ය මුදල් පිළිබඳ කාරක සභාවේදී අනාවරණය වී තිබේ.

රට තුළ මෑත කාලීනව මත්පැන් මිල වැඩිවීම සහ රටේ ජනතාවගේ ආදායම් අඩුවීම ඊට ප්‍රධානතම හේතුව වී ඇති බව වාර්තා වේ.

රාජ්‍ය ආදායම වැඩි කරගැනීමට සකස්කොට ඇති සැලසුම් හා ඒවායේ වර්තමාන තත්ත්වය පිළිබඳව සිදුකෙරුණු සාකච්ඡාවේදී ඒ පිළිබඳව හෙළිවී ඇත.

මේ අනුව මුදල්, ආර්ථික ස්ථායීකරණ සහ ජාතික ප්‍රතිපත්ති පිළිබඳ අමාත්‍යාංශය, දේශීය ආදායම් දෙපාර්තමේන්තුව, ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගුව නියෝජනය කරන නිලධාරීන් අදාළ සාකච්ඡාව සඳහා සම්බන්ධ වී තිබේ.

මෙහිදී ශ්‍රී ලංකා සුරාබදු දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පෙන්වා දී ඇත්තේ ඉලක්කගත ආදායමට ළඟාවීමේදී ගැටලු කිහිපයක් ඇතිවී තිබෙන බවය.

ඒ අනුව, මත්පැන් නිෂ්පාදනය කිරීමට ඇති එතනෝල් ප්‍රමාණය සීමාසහිතවීම, ඩීසල් සහ දැවි තෙල් සීමාසහිතවීම සහ බෙදාහැරීමේදී ඇති ගැටලු මීට හේතුවී ඇති බව එම නිලධාරීන් සඳහන් කළේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top