Jun 22, 2022

මෝල්හිමියන් ගේ මාධ්‍ය හමුවේදී ඩඩ්ලිට තද වෙයි! (වීඩියෝ)

සහල් මිල පිළිබඳව දැනුවත් කිරීම සඳහා අද (22) කොළඹ පැවති මාධ්‍ය හමුවකදී උණුසුම් තත්ත්වයක් ඇති විය.

රජයේ පාලන මිලට සහල් සපයන බවට අරලිය සහල් අධිපති ඩඩ්ලි සිරිසේන පැවසීමෙන් පසු නාඩු මිල වැඩි කිරීමේ අවශ්‍යතාවයක් ඇතැයි නිව් රත්න සහල් අධිපති මිත්‍රපාල ලංකේශ්වර පැවසීමත් සමග මෙම උණුසුම් තත්ත්වය ඇති විය.

අවසානයේදී මෝල් හිමියන් විසින් ප්‍රකාශ කර සිටියේ රජයේ පාලන මිලට සහල් අලෙවි කරන බවයි.

සබැඳි පුවත් :

හෙට ඉඳන් හාල් දෙන හැටි ඩඩ්ලි කියයි (වීඩියෝ)

(වීඩියෝ : VoiceTube)

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top