Aug 01, 2022

මේ සතියේ ගෑස් මිල අඩු වෙයි ද?

පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ප්‍රමාණයකින් ඉදිරියේ දී ගෑස් මිල අඩුකරන බව ලිටෝ සමාගම පවසයි.

එහි සභාපති මුදිත පීරිස් මහතා මාධ්‍ය වෙත අදහස් දක්වමින් මේ බව කියා සිටියේය.

ඒ අනුව ලෝක වෙළෙඳපොළේ ගෑස් මිල අනුව අගෝස්තු මස 5 වනදා වනවිට ගෑස් මිල අඩු කිරීමට බලාපොරොත්තු වන බව ද සභාපතිවරයා ප්‍රකාශ කරයි.

එහිදී වැඩිදුරටත් මුදිත පිරිස් මහතා අදහස් දැක්වුයේ මෙසේය.

"දැන් කැමති නෑ අඩුකරන මිල හරියට ම රුපියල්වලින් කියන්න. හැබැයි ඉඟියක් දෙන්නම්. පසුගිය දා වැඩි කළ මිලට වඩා වැඩි ගාණකින් අඩු කරනවා. අපි රු 50ක් වගේ තමා වැඩි කළේ. හැබැයි ඊට වඩා අනිවාර්යයෙන්ම ගොඩක් වැඩි මුදලකින් අඩු කරනවා."

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top