Aug 03, 2022

ගුවන් යානා ඉන්ධන සැපයුමට වසරක එකගතා ගිවිසුමක් Featured

ගුවන් යානා ඉන්ධන සැපයුම් සඳහා ලංකා ඛණිජ තෙල් සංස්ථාව වසරක එකගතා ගිවිසුමක් ඇතිකරගෙන ඇතැයි බලශක්ති අමාත්‍ය කංචන විජේසේකර මහතා සඳහන් කරයි.

ට්විටර් පණිවිඩයක් මගින් ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ එම ගිවිසුම යටතේ වන පළමු ඉන්ධන තොගය අගෝස්තු 12 - 14 ත් අතරදී දිවයිනට ලැබීමට නියමිත බවයි.

ඔහු වැඩිදුරටත් පවසා ඇත්තේ තවත් ඩීසල් නෞකාවක් සඳහා ඊයේ (02) දිනයේදී මුදල් ගෙවා ඇති බවත්, එහි ගොඩබෑම් කටයුතු අද ආරම්භ කෙරෙන බවත්ය.

KanchanaF

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top