Aug 04, 2022

බස් ගාස්තු 11.14% කින් පහළට (Update)


අද (04) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි සාමාන්‍ය බස් ගාස්තු 11.14% කින් සහ අවම බස් ගාස්තුව රුපියල් 34 දක්වා අඩු කරන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව පවසයි.
 
------ (Update : August 04, 2022. 9.38am)  -------

අද සිට බස් ගාස්තු අඩු වෙයි

සාමාන්‍ය බස් ගාස්තු අද(4) මධ්‍යම රාත්‍රියේ සිට පහළ දමන බව ජාතික ගමනාගමන කොමිෂන් සභාව ප්‍රකාශ කරයි.

අධිවේගී මාර්ගවල බස් ගාස්තු වල වෙනසක් සිදු නොවන බවත් එහි ප්‍රකාශකයකු සඳහන් කළේ ය.

බස් ගාස්තු අඩු වන ප්‍රතිශතය අද දිනය තුළ ප්‍රකාශයට පත් කරන බවත් එම ප්‍රකාශකයා තවදුරටත් කීවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top