Aug 06, 2022

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුවෙයි

අත්‍යවශ්‍ය ආහාර ද්‍රව්‍ය කිහිපයක මිල අඩුවි ඇතැයි පිටකොටුව තොග වෙළඳුන් පවසයි.

අල, පරිප්පු, සීනි, ලූණු, මිරිස් ආදී භාණ්ඩ රැසක මිල සැලකිය යුතු මට්ටමකින් පහළ ගොස් ඇති බව ඔවුන් කියා සිටියි.

මේ හේතුවෙන් ලබන සඳුදා සිට ආහාර පැකට්ටුවක මිල 20%-10% ප්‍රමාණයකින් අඩු කිරිමට කටයුතු කරන බවයි අපනශාලා හිමියන්ගේ සංගමයේ සභාපති අසේල සම්පත් සඳහන් කර ඇත.

කෙසේවෙතත්, පෑලියගොඩ මධ්‍යම මත්ස්‍ය වෙළඳපොළේ මාළු මිල ඉහළ මට්ටමක පවතියි. ධීවරයින්ට අවශ්‍ය භූමිතෙල් ප්‍රමාණවත් පරිදි ලබා දෙන්නේනම් මාළු මිලද අඩුවන බව වෙළඳුන් පෙන්වා දෙයි.

මේ දිනවල කඳුකර ප්‍රදේශයට ඇදහැලෙන අධික වර්ෂාව හා එළවළු ප්‍රවාහනය සඳහා ප්‍රමාණවත් නොවන ඉන්ධන හේතුවෙන් මැනිං වෙළඳපොළේ එළවළු මිල ගණන්ද සැලකිය යුතු ප්‍රමාණයකින් ඉහල ගොස් තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top