Aug 09, 2022

සෑම මසකම ගෑස් මිල වෙනස් වෙයි!

පිරිවැය නිරූපිත මිල සූත්‍රයක් නොපමාව ක්‍රියාත්මක කිරීමටත්,එම මිල සූත්‍රය මත පදනම්ව සෑම මාසයකම 05දා ගෘහස්ථ ගෑස් මිල සංශෝධනය කිරීමට කැබිනට් අනුමැතිය හිමිවී තිබේ.

අඛණ්ඩව ගෘහස්ථ ගෑස් සැපයුම තහවුරු කිරීමේ අරමුණින් මෙම යෝජනාව මුදල්, ආර්ථික ස්ථායිකරණ සහ ජාතික ප්‍රතිපත්ති අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා විසින් ඉදිරිපත් කර තිබේ.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top