Sep 05, 2022

ගෑස් මිල අද රෑ සිට පහළට Featured

අද (05) මධ්‍යම රාත්‍රියේ සිට ක්‍රියාත්මක වන පරිදි ගෘහස්ථ ගෑස් සිලින්ඩරයක මිල අඩුකර තිබේ.

ඒ අනුව කිලෝග්‍රෑම් 12.5ක ගෑස් සිලින්ඩරයක් රුපියල් 113කින් මිල අඩු කළ බව ලිට්‍රෝ සමාගම පවසයි.

මේ අතර කිලෝග්‍රෑම් 5ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 45කින් හා කිලෝග්‍රෑම් 2.3ක ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 21කින් පහත දමා තිබේ.

එම සමාගමේ සභාපති මුදිත පීරිස් මහතා එම මිල අඩු කිරිම් සම්බන්ධයෙන් දැනුම් දුන්නේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top