Sep 05, 2022

තිරිගු පිටි මිල වැඩි කරන්න කිසිම අවශ්‍යතාවයක් නෑ - ඇමති

තිරිගු පිටි මිල ඉහළ නැංවීමට කිසිදු අවශ්‍යතාවයක් නොමැති බවත්, මේ මොහොතේ තිරිඟු පිටි සදහා පාලන මිලක් පැනවීම ප්‍රායෝගික නොවන බව වෙළෙඳ වාණිජ හා ආහාර සුරක්ෂිතතා නලින් ප්‍රනාන්දු මහතා පවසා තිබේ.

ඔහු මේ බව පවසා ඇත්තේ සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සමග අද දින (05) අමාත්‍යංශයේ පැවති හමුවකදීය.

මහා පරිමාණ තිරිඟු පිටි නිෂ්පාදන සමාගම් දෙක සමඟ පසුගිය සිකුරාදා පැවැති සාකච්ඡාවකදී මාසයකට අවශ්‍ය තිරිඟු පිටි නිෂ්පාදනය කිරිම සදහා වූ තොග ඔවුන් සතුව ප්‍රමාණවත්ව පවතින බව එම සමාගම් දෙක ප්‍රකාශ කළ බවත්, තුර්කියෙන් හා ඩුබායි යන රටවල් වලින් ඇණවුම් කර ඇති තිරිඟු පිටි තොග සැප්තැම්බර් මස 15 පමණ වන විට මෙරටට ලැබීමට නියමිත බැවින් ඉදිරියේදී වෙළෙඳපලේ තිරිඟු පිටි හිඟයක් ඇති නොවන බවත් සදහන් කළ අමාත්‍යවරයා මෙහිදී පවසා තිබේ.

ඉදිරි මාස හය සදහා දේශීය පරිභෝජනයට අවශ්‍ය තිරිගු පිටි අවශ්‍යතාවය පිළිබදව ලිඛිත වාර්තාවක් ලබා දෙන ලෙස අමාත්‍යවරයා මෙහිදී වෙළෙඳ අමාත්‍යාංශ බළධාරීන් දැනුවත් කරන ඇත.

මෙහිදී අදහස් දක්වමින් සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති එන්.කේ ජයවර්ධන මහතා සදහන් කළේ කුඩා පරිමාණ බේකරි නිෂ්පාදන හිමියන් ආරක්ෂා කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙසයි.

 

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top