Sep 08, 2022

iPhone 14, ලංකාවේ මිල තීන්දු කරයි

ඇපල් සමාගම විසින් ඊයේ (07) එළිදක්වන ලද සිය නවතම නිෂ්පාදනය වන iPhone 14 මාදිලියේ මෙරට මිල ගණන් ප්‍රකාශයට පත්කර තිබේ.

ඒ අනුව iPhone 14 රුපියල් 337,000 ක ආරම්භක මිලකින්ද – iPhone 14 Plus රුපියල් 380,000 ක මිලකටද – iPhone 14 Pro රුපියල් 421,000 ක ආරම්භක මිලකින්ද – iPhone 14 Pro Max රුපියල් 457,000 ක මිලකටද මෙරට තුළ අලෙවිවීමට නියමිතය.

චන්ද්‍රිකා තාක්ෂණය පදනම් කරගත් SOS පණිවුඩ සේවාවකින් නව iPhone දුරකථනය සමන්විතවීම විශේෂිතය.

කෙසේවුවද, දැනට මෙම පහසුකම ක්‍රියාත්මක වන්නේ අමෙරිකාව සහ කැනඩාව තුළ පමණි.

මෙගාපික්සල් 48 කැමරාවකින්ද iPhone 14 සමන්විත බව ඇපල් සමාගම නිවේදනය කර තිබේ.

මෙම දුරකථනය එළිදැක්වීමේ උත්සවය 'ෆා අවුට්' ලෙස නම් කර තිබූ අතර එම අවස්ථාව, ඇපල් වෙබ්අඩවිය ඔස්සේ සජීවී ව ලබාදීමටද කටයුතු යොදා තිබිණි.

සබැඳි පුවත්

ඇපල් සමාගමේ මීළඟ පිම්ම 07දා

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top