Sep 09, 2022

සතොසේ අත්‍යවශ්‍ය භාණ්ඩ කිහිපයක මිල පහළට Featured

සතොස අද (09) සිට ආනයනික සුදු කැකුළු, නාඩු, රතු පරිප්පු, සුදු සීනි, හාල්මැස්සන් යන අත්‍යවශ්‍ය භාණ්ඩ 05ක සහ තවත් භාණ්ඩ කිහිපයක මිල ගණන් පහළ දමා ඇතැයි වාර්තා වේ.

මෙසේ මිල පහත දමා ඇති ද්‍රව්‍ය මෙසේය :
- සුදු කැකුළු කිලෝවක් – 195 සිට 185 දක්වා
- සුදු නාඩු කිලෝවක් – 198 සිට 194 දක්වා
- රතු පරිප්පු කිලෝවක් – 460 සිට 429 දක්වා
- සුදු සීනි කිලෝවක් – 298 සිට 279 දක්වා
- හාල්මැස්සන් කිලෝවක් 1375 සිට 1350 දක්වා

මීට අමතරව සුදුලූණු කිලෝවක් රු. 750 සිට රු. 595 දක්වා ද වටානා කිලෝවක් - රු. 375ක් සිට රු. 315ක් දක්වා ද මිල ගණන් පහත දැමූ බව සතොස සභාපති පසද යාපා අබේවර්ධන මහතා පවසයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top