Sep 11, 2022

ඉන්දියාවෙන් සහල් ආනයනය කිරීම ගැටලුවක් වෙයි; පාන් පිටිත් නෑ Featured

ඉන්දියාව මේ වන විට සහල් අපනයනය සීමා කිරීමට ගෙන ඇති තීරණයත් සමඟ ඉන්දියාවෙන් සහල් අපනයනය ගැටලුවක් වනු ඇතැයි අපනයන කරුවෝ පවසති.

එසේම, අපනයනය කරන සෑම සහල් කිලෝග්‍රෑමයකටම 20%ක බද්දක් පැනවීමට ද එරට රජය තීරණය කර ඇත.

මේ අතර, පාන් පිටි අවශ්‍ය තරම් තොග වෙළෙඳපොළේ තිබෙන බවට වෙළෙඳ ඇමැතිවරයා ප්‍රකාශ කළද ඉදිරි සති තුන තුළ පාන් පිටි හිඟයක් නිර්මාණය වන බව ආනයනකරුවෝ පවසති.

ඉන්දියාව පාන් පිටි අපනයනය නතර කිරීම නිසා පාන් පිටි ගෙන්වීම නතර කිරීමට ආනයනකරුවන්ට සිදුව තිබේ

පාන්පිටි හිඟය හේතුවෙන් බේකරි තුන්සියයක් පමණ මේ වන විට වැසී ගොස් ඇතැයි ද වාර්තා වේ.

කෙසේවෙතත් මේ වන විට ශ්‍රී ලංකාවට පාන් පිටි ආනයනය කිරීමට සිදුව ඇත්තේ තුර්කියෙන් හා ඩුබායිවලිනි.

ආනයනකරුවන් එම රටවලින් ඇණවුම් කර ඇති පාන්පිටි රැගත් නෞකා මෙරටට ළඟාවන්නේ මෙම මස තිස්වැනිදා පමණ බව පැවසේ.

එහෙත් වෙළෙඳ ඇමැති නලීන් ප්‍රනාන්දු මහතා ප්‍රකාශ කළේ අවශ්‍ය තරම් පාන් පිටි වෙළෙඳපොළේ ඇති බවයි.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top