Sep 12, 2022

ප්‍රිමා - සෙරන්ඩිබ් බඩු දෙන්නෙ කාලයි; චූන් පාන් නෑ; කට්ටිය රට ගිහින් Featured

බේකරි කර්මාන්තය දිගින් දිගටම කඩා වැටීම නිසා කර්මාන්තයේ නියැළි බොහෝ පිරිසක් විදෙස් රැකියාවලට ගොස් ඇතැයි සමස්ත ලංකා බේකරි හිමියන්ගේ සංගමය සඳහන් කරයි.

වෙළෙඳපොළේ තිරිඟු පිටි මිලෙහි කිසිදු අඩුවීමක් සිදුවී නැතැයිද, මේ නිසා බේකරි කර්මාන්තය පවත්වාගෙන යෑමට නොහැකි තත්වයක් උද්ගතව ඇතැයිද, බේකරි නිෂ්පාදන අලෙවිය පහත වැටී ඇතැයිද එම සංගමයේ සභාපති ජයවර්ධන මහතා කීය.

අද වනවිට චූන් පාන් රථ ධාවනය විශාල ලෙස අඩුවී ඇතැයිද ඔහු කීවේය.

වසර ගණනාවක් ලංකාවේ පිටි ඒකාධිකාරිය පවත්ගෙන හම්බකළ ප්‍රීමා සහ සෙරන්ඩිබ් යන සමාගම් වලින් තිරිඟු පිටි නිකුත් කරනු ලබන්නේ බේකරිවල අවශ්‍යතාවයෙන් සියයට 25 ක ප්‍රතිශතයක් පමණක් බවද සභාපතිවරයා පවසයි.

කුඩා පරිමාණ බේකරි විශාල ප්‍රමාණයක් මේවනවිට වැසී ගොස් ඇතැයිද, කර්මාන්තයේ නිරතව සිටි අය විදෙස් රැකියා ඉල්ලුම් කරමින් සිටින බවත්, ඇතැමුන් මේ වනවිට විදෙස් ගතව ඇතැයිද සභාපතිවරයා කියයි.

පුද්ගලික වෙළෙඳුන් විසින් තුර්කිය ඇතුළු රටවලින් තිරිඟු පිටි ආනයනය කරන බව පැවසුවත්, තිරිඟු පිටි මිලෙහි අඩුවක් සිදු නොවනු ඇතැයිද ඔහු කීවේය.

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top