Sep 15, 2022

2022 මුලදී වැඩිම ණය දීලා තියෙන්නේ ඉන්දියාව! Featured

මේ වසරේ මුල් සිවු මාසයේදී ශ්‍රී ලංකාවට වැඩිම පුමාණයක ද්විපාර්ශ්වික ණය ලබා දුන් පාර්ශවය බවට ඉන්දියාව පත්ව ඇති බව වාර්තාවක දැක්වේ.

ඒ, පසුගිය වසර පහක් පුරාවට (2017-2021) විශාලතම ද්විපාර්ශ්වික ණය දෙන්නා වූ චීනයද අභිබවා යමින් බව publicfinance.lk වෙබ් අඩවිය පෙන්වා දෙයි.

වසර 2021දී චීනය ලබා දී ඇති මුළු ණය ප්‍රමාණය ඩොලර් මිලියන 947 ක් වන අතර එයින් ඩොලර් මිලියන 809 ක් චීන සංවර්ධන බැංකුවෙන් ලබා ගන්නා ලද වෙළෙඳපොළ ණය ගැනීම් වේ.

publicfinance.lk වෙබ් අඩවිය වැඩිදුරටත් වාර්තා කරන අන්දමට පසුගිය වසර පහක් පුරාවට විශාලතම බහුපාර්ශ්වික ණය දෙන්නා වූයේ ආසියානු සංවර්ධන බැංකුව (ADB) වන අතර, එම බැංකුව විසින් 2021දී ඇමෙරිකානු ඩොලර් මිලියන 610 ක් ලබා දී ඇත.

2022 පළමු මාස හතර තුළ මුළු ශ්‍රී ලංකාව ගෙන ඇති මුළු ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 968 කි. මෙම කාලය තුළ ඉන්දියාව ලබාදී ඇති ණය ප්‍රමාණය ඇමෙරිකානු ඩොලර් මිලියන 377 ක් වන අතර ආසියානු සංවර්ධන බැංකුවෙන් ඩොලර් මිලියන 360 කි. මෙය, එම කාල පරිච්ඡේදය තුළදී ශ්‍රී ලංකාව ලබාගෙන ඇති සමස්ථ ණය වලින් 76%කි.

(මූලාශ්‍රය : publicfinance.lk)

Loan 22 09 15

 

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - editor@srilankamirror.com දුරකථන - +94 114 546 362

Top