Maithri Yugayak Thirasara Sanwardanayak
Pasidol
Jul 26, 2017

පේන්ට් නූලෙන් බේරෙයි

මයික්‍රොසොෆ්ට් සමාගම විසින් ඔවුන්ගේ චිත්‍ර නිර්මාණ මෘදුකාංගය වන පේන්ට් Paint තවදුරටත් ලබාදීමට තීරණය කර ඇත.

ඉදිරියේදී ඉවත්කිරීමට හෝ යාවත්කාලීන නොකරන මෘදුකාංග ලැයිස්තුවට පේනට් ද එක් කිරීමට මයික්‍රොසොෆ්ට් කටයුතු කර තිබුණි. කෙසේවෙතත්, පෙරේදා දින බ්ලොග් සටහනක් යොදමින් මයික්‍රොසොෆ්ට් කියා සිටියේ පේන්ට් මෘදුකාංගය ඉදිරියේදී Windows store වෙතින් නොමිලේ බාගත හැකි බවයි. වසර 32 ක් ගත වුණ ද Paint සඳහා ඇති ප්‍රේක්ෂකයන් ගණන විශාල බවද එහි වැඩිදුරටත් සඳහන් කර තිබුණි.

කෙසේවෙතත්, වින්ඩෝස් 10 සමඟ මෙම මෘදුකාංගය වෙනුවට ලබාදෙනුයේ පේන්ට් 3D ය.

එමෙන්ම මයික්‍රොසොෆ්ට් සමාගම මෙය වින්ඩෝස් 10 සමඟ ලබා නොදෙන නමුත් පාරිභෝගිකයන් සඳහා ඇවශ්‍ය නම් නොමිලේ Windows store  මගින් බා ගත හැක.

පේනට් මෘදුකාංගය මුලින්ම එළිදැක්වූයේ 1985දී ය. ඒ වින්ඩෝස් මෙහෙයුම් පද්ධතියේ මුල්ම අනුවාදය වන Windows 1.0 සමගයි. එතැන් පටන් එළිදැක්වුනු සියළුම වින්ඩෝස් අනුවාද වලට පේන්ට් ද අයත් විය.

පසුගිය වසර වන විටද මෙම මෘදුකාංගය මාසිකව මිලියන 100 දෙනෙකු පමණ ප්‍රමාණයක් විසින් භාවිතා කරනු ලැබුණි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top