Connect with us

ව්‍යාපාර

60 වසරකට පසුව Nokia වෙනස්වෙයි

Published

on

හැට වසරකට පසුව සිය සන්නාම අනන්‍යතාවය වෙනස් කිරීමට ජනප්‍රිය තාක්ෂණික සමාගමක් වන NOKIA සමාගම තීරණය කර තිබේ.

මෙම වෙනසේ කොටසක් ලෙස NOKIA සමාගම සිය නිල ලාංඡනයද වෙනස් කර ඇත.

නව ලාංඡනය NOKIA යන වචනය සෑදෙන විවිධ හැඩතල පහකින් සමන්විත වන අතර, සාම්ප්‍රදායිකව පැවති නිල් පැහැය වෙනුවට වර්ණ කිහිපයක සංකලනයක් ඇතුළත් වේ.

කලින් ස්මාර්ට්ෆෝන් සමාගමක් ලෙස ප්‍රසිද්ධ වූ NOKIA මේ වන විට ව්‍යාපාරික තාක්ෂණික සමාගමක් බවට පත්ව ඇතැයි එහි ප්‍රධාන විධායක නිලධාරී – පෙකා ලුන්ඩ්මාර්ක් රොයිටර් පුවත් සේවය හා සම්බන්ධ සම්මුඛ සාකච්ඡාවක දී පවසා තිබේ.

ව්‍යාපාර

ලිට්‍රෝ ගෑස් මිල ගැන දැනුම්දීමක්

Published

on

By

මෙම මාසයට අදාළ ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිලේ වෙනසක් සිදු නොවන බව ලිට්‍රෝ ගෑස් සමාගම පවසයි.

එහි සභාපති චන්න ගුණවර්ධන මහතා ඒ බව සඳහන් කරයි.

ලිට්‍රෝ ගෘහස්ථ ගෑස් මිල (කොළඹ දිස්ත්‍රික්කයට අදාළ) පහතින් දැක්වේ

ඒ අනුව 12.5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 3,690ක් ද 5Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 1,482ක් ද 2.3Kg ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 694ක් ද වේ.

Continue Reading

ව්‍යාපාර

අද සිට වෙළෙඳපොළට එන රට ලුණු

Published

on

By

ආනයනික ලුණු තොග අද (06) සිට වෙළෙඳපොළට නිකුත් කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගම පවසයි.

ඒ අනුව වෙළෙඳපොළ තුළ පවතින ලුණු මිල ගණන් ද යම් වැඩිවීමක් සිදුවනු ඇති බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේය.

මෙරට ලුණු නිෂ්පාදනය අඩුවීම හේතුවෙන් ලුණු ආනයනය කිරීමට රජය තීරණය කළ අතර ඒ අනුව ඉන්දියාවේ සිට මෙරටට ලුණු ආනයනය කිරිම සිදුකළේය.

එලෙස ආනයනය කරන ලද ලුණු අද සිට වෙළෙඳපොළට නිකුත් කිරීමට නියමිතය.

කෙසේවෙතත් මෙම ලුණු මිල ඉහළ දැමීම තාවකාලිකව සිදුකර ඇති අතර එය එළැඹෙන මාර්තු මාසයෙන් පසු යළි පැවතී මිලටම ගෙනඒමට කටයුතු කරන බව හම්බන්තොට ලංකා ලුණු සමාගමේ සභාපති ඩී.නන්දන තිලක මහතා සඳහන් කළේය.

Continue Reading

පුවත්

පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ආනයනයට කැබිනට් අනුමැතිය

Published

on

By

පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල  අනුමැතිය හිමිව තිබේ.

රජය පවසන්නේ,මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි මෙම පොල් ආනයනය සිදුකිරීමට නියමිත බවය.

පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සොයා බලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස 2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්ට නියම කරනු ලැබ තිබුණි.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන), පොල් කිරි/පිටි කළ පොල් කිරි හා දිසිදි පොල් ආනයනයට අදාළව මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි වුණා .පොල් ගෙඩි මිලියන 200කට සමාන ධාරිතාවකින් යුත් පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන) ආනයනය කිරීමට කැබිනට් මණ්ඩල  අනුමැතිය හිමිව ඇත.

රජය පවසන්නේ,මෙරට පොල් නිෂ්පාදනය ප්‍රමාණවත් නොවීම හේතුවෙන් දේශීය පාරිභෝජනය සඳහා වෙළෙඳපොළේ උද්ගත වී ඇති පොල් හිඟයට විසඳුමක් වශයෙන් තාවකාලිකව දේශීය පොල් අස්වනු වැඩි ප්‍රමාණයක් යොදා ගැනීමට හැකි වන පරිදි මෙම පොල් ආනයනය සිදුකිරීමට නියමිත බවය.

පොල් අමුද්‍රව්‍ය වශයෙන් භාවිත කරනු ලබන කර්මාන්ත සඳහා අවශ්‍ය පොල් මද හා පොල් මද ආශ්‍රිත අනෙකුත් අමුද්‍රව්‍යයන් දැනට බලාත්මකව පවතින නීතිමය විධිවිධානයන්ට අනුගතව කඩිනමින් ආනයනය කිරීමේ හැකියාව අදාළ සියලු පාර්ශ්වයන් විමසමින් සොයා බලා ඒ සඳහා ක්‍රමවේදයක් සකස් කරන ලෙස 2025‑01‑27 දින පැවති අමාත්‍ය මණ්ඩල රැස්වීමේදී කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම්ට සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යාංශයේ ලේකම්ට නියම කරනු ලැබ තිබුණි.

 කෘෂිකර්ම දෙපාර්තමේන්තුව, පොල් පර්යේෂණ ආයතනය, පොල් සංවර්ධන අධිකාරිය, ශාක නිරෝධායන සේවය සහ ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය සමඟ එක්ව ශීත කළ පොල් මද හා කැබලි කර වියළන ලද කුරුට්ට සහිත පොල් (කොප්පරා නොවන), පොල් කිරි/පිටි කළ පොල් කිරි හා දිසිදි පොල් ආනයනයට අදාළව මාර්ගෝපදේශ සකස් කර ඉදිරිපත් කර තිබේ.

ඒ අනුව, පොල් මද ආශ්‍රිත නිෂ්පාදන ප්‍රමාණයක් සහ පොල් තෙල් නිෂ්පාදනය සඳහා වියළන ලද කුරුට්ට සහිත පොල් ආනයනය කිරීමට කර්මාන්ත සහ ව්‍යවසායකත්ව සංවර්ධන අමාත්‍යවරයා සහ වැවිලි සහ ප්‍රජා යටිතල පහසුකම් අමාත්‍යවරයා ඉදිරිපත් කළ ඒකාබද්ධ යෝජනාවට කැබිනට් අනුමැතිය හිමි විය .

Continue Reading

Trending

Copyright © 2023 Sri Lanka Mirror. All Rights Reserved