මෙම හඳුන්වාදීමේ අවස්ථාවට සිංගර් ශ්‍රී ලංකා සමාගමේ සමුහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා, සිංගර් ශ්‍රී ලංකා සමාගමේ වෙළඳ සහ වාණිජ අධ්යක්ෂ මහේෂ් විජේවර්ධන මහතා සහ මයික්‍රොසොෆ්ට් හි අග්නිදිග දිග ආසියානු කලාපයේ OEM අධ්යක්ෂ පුබුදු බස්නායක යන මහත්වරු සහභාගි වූහ. මෙම නවතම හඳුන්වාදීම ශ්‍රී ලාංකේය පාරිභෝගිකයා වෙත උසස් තත්වයේ නිෂ්පාදන තිලිණ කිරීමේ ක්‍රියාන්විතයේ සුවිශේෂි පියවරක් වෙයි.
ලැප්ටොප් සහ ටැබ් යන ආකාර දෙකකින්ම භාවිත කළ හැකි SINGER Duo 2 in 1 Laptop plus tab පාරිභෝගික අවශ්‍යතාව අනුව පහසුවෙන් ලැප්ටොප් එකක් බවට සහ ටැබ් එකක් බවට පත් කර ගැනීමේ හැකියාව සහිත වෙයි.
Intel Z8300 Quad Core ප්‍රෙසෙසරයක් සහිත මෙය නියම Windows 10 මෙහයුම් පද්ධතියකින්ද සමන්විත වෙයි. මෙහි අන්තර්ගත අනිකුත් විශේෂාංග අතර 2GB Memory, 32GB Internal Storage, 10.1” IPS Display, capacitive 10 fingers touch screen, a 2 Mega Pixel camera, Wi-Fi සහ Bluetooth ආදිය වැදගත් වෙයි.
මෙම අවස්ථාවට එක්වූ සිංගර් ශ්‍රී ලංකා හි සමූහ ප්‍රධාන විධායක නිලධාරි අසෝක පීරිස් මහතා සඳහන් කළේ නිරතුරුවම උසස් සහ නවීන නිෂ්පාදන පාරිභෝගිකයා වෙත තිළිණ කරන සමාගමක් ලෙස සිංගර් සමාගම ප්රමුඛ ස්ථානයක පසුවන බවයි. ශ්‍රී ලංකාව තාක්ෂණික අතින් ඉහළ මට්ටමකට ඔසවා තැබීම සඳහා සිංගර් සිය නිෂ්පාදන මඟින් උත්සහ දරමින් සිටින බවත්, ඩිජිටල් යුගයක් සඳහා පුරවැසියන් පෙළගැස්වීමේදී එම තාක්ෂණික දැනුම අතිශය වැදගත් වනු ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය.
මේ පිළිබඳව දැක්වූ සිංගර් ශ්‍රී ලංකා සමාගමේ අලෙවි අධ්යක්ෂ කුමාර් සමරසිංහ මහතා සඳහන් කළේ නවීන තාක්ෂණය මුසුවූ Duo 2 in 1 Laptop මාදිලිය මෙරටට හඳුන්වා දීමට අවස්ථාව හිමිවීම පිළබඳව සතුටට පත්වන බවයි. මෙරට පාරිභෝගිකයා වෙත දැරිය හැකි මිලකට සහ අසමසම සේවාවක් යටතේ ජාත්‍යන්තර ප්‍රමිතියෙන් යුත් උසස් නිෂ්පාදන සැපයීමේ ප්‍රමුඛයින් බවට සිංගර් සමාගම පත්ව ඇති බව ද හෙතෙම පෙන්වා දුන්නේය. වෘත්තීයවේදීන්ට, මෙන්ම සිසුන් සඳහා මෙම නව Duo 2 in 1 Laptop අතිශය සුදුසු වන බව ද ඒ මහතා වැඩිදුරටත් පැවසීය.