Pasidol
Sathosa Ad Final Sinhala
Oct 11, 2017

ස්පා සිලෝන් තවදුරටත් ව්‍යාප්ත කරයි

ශ්‍රී ලංකාවේ නවීන ආයුර්වේද සුවතා නිෂ්පාදනයන්හි පුරෝගාමීන් වන ස්පා සිලෝන් ආයතනය ලබන වසරේදී ලොව පුරා ස්ථාන 100කට ව්‍යාප්ත වීමට අදහස් කර සිටියි.

ස්පා සිලෝන් ආයතනයේ නවතම lifestyle experience centre අංශය කොළඹ පාක් ස්ට්‍රීට් හි පාක්ලන්ඩ් ටවර් හි පසුගියදා ආරම්භ විය.
2017 අවසන් කාර්තුවේදී ඇරඹූ ව්‍යාප්ත කිරීමේ මෙහෙයුම් වල කොටසක් ලෙස ස්පා සිලෝන් ආයතනය තවත් දෙස් විදෙස් ස්ථාන හතකට ව්‍යාප්ත වනු ඇත.

ඒ, ඉන්දියාවේ ලක්නව්, මාලදිවයින හි මාලේ, කොළඹ කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපළ, කොළඹ කොටුව, මහනුවර මීගමුව ලුවිස් පෙදෙස හා ජපානයේ තෝක්යෝ අගනුවර දී මෙම නව ශාඛා විවෘත වීමට නියමිතය

 ටෝකියෝ ජපානය තුළ තෝරාගත් අත්සන් සහිත ස්පා සේවා ද ෆුකුටා ජපානය, සයිගොන් වියට්නාමය, ක්වාලාලම්පූර් මැලේසියාව, නිකොසියා සයිප්රසය සහ කොළඹ වැනි ස්ථානවලදී විවෘත කිරීමට සැලසුම් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top