ඒ, පසුගිය 16දා කොළඹ හිල්ටන් හෝටලයේ දී පැවැත්වුණු 'බිස්නස් ටුඩේ ටොප් 30’ උත්සවයේ දී ය.
මෙහිදී 21 වැනි ස්ථානයට පත් වූ DFCC බැංකුව වෙනුවෙන් එහි ප්‍රධාන විධායක නිලධාරී - අර්ජුන් ප්‍රනාන්දු මහතා, මුදල් අමාත්‍ය රවී කරුණානායක අතින් සම්මානය ලබා ගත්තේය.
මෙම සම්මානය ලැබීම සම්බන්ධයෙන් අදහස් දැක්වූ ප්‍රනාන්දු මහතා පවසා සිටියේ 2015 - 16 මූල්‍ය වසරේදී ඉහළම කාර්ය සාධනයක් පවත්වාගත් සමාගම් 30 ක් සම්මානට පාත්රවීම සම්බන්ධයෙන් ඉමහත් ආඩම්බර වන බවයි.