Pasidol
Sathosa Ad Final Sinhala
Nov 22, 2017

චීනයෙන් ස්කයිප් විසිවෙයි!

ලොව ජනප්‍රිය මැසේජින් හා දුරකතන ඇමතුම් සේවාවක් වන ස්කයිප් හි ඇප් මෘදුකාංගය චීනයේ ඇප් ස්ටෝස් වලින් ඉවත් කර තිබේ.

චීනයේ නීතිරීති වලට අනුකූල නොවන බවට එරට රජය පැවසීමත් සමග ඇප් මෘදුකාංග කිහිපයක් ඉවත් නර ඇතැයි මේ සම්බන්ධයෙන් ඇපල් සමාගම පවසා ඇත.

ස්කයිප් ඇප් මෘදුකාංගය අයත් මයික්‍රොසොෆ්ට් සමාගම බීබීසී පුවත් සේවයට පවසා ඇත්තේ එම ස්කයිප් මෘදුකාංගය තාවකාලිකව ඉවත් කර ඇති බවයි.

එය යළිත් ස්ථාපිත කිරීමට පියවර ගනිමින් සිටින බව ස්කයිප් සමාගම වැඩිදුරටත් සඳහන් කරයි.

මෙම ඇප් මෘදුකාංගය චීනයේ ඇන්ඩ්‍රොයිඩ් ඇප් ස්ටෝර් වලින් මේ වනවිටත් ඉවත් කර ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top