Pasidol
Sathosa Ad Final Sinhala
Dec 04, 2017

ඒඩ්ල්වයිස් වෙතින් සූරික් - කොළඹ සෘජු ගුවන් ගමන්

ආසියානු කලාපය තුළ සිය මෙහෙයුම් වඩාත් පුළුල් කිරීමේ අරමුණින් ස්විට්සර්ලන්තයේ ඒඩ්ල්වයිස් ගුවන් සමාගම විසින් එරට සූරික් අගනුවර සිට කොළඹට ඍජු ගුවන් සේවා ආරම්භ කිරීමට නියමිතය.

ලබන වසරේ නොවැම්බර් මස 03දා සිට ඔවුන් මෙම ගුවන් ගමන් ඇරඹීමට නියමිත අතර, ඒඩ්ල්වයිස් එයාර්බස් A340-300 යානයක් නගර දෙක අතර සතියකට දෙවරක් ගමන් කිරීමට නියමිතය.

මෙම ගුවන්ගමන් වාරය මගින් ස්විස් වැසියන් හා වෙනත් යුරෝපීය ජාතිකයන් හට පහසුවෙන් ශ්‍රී ලංකාව වෙත ළඟාවීමට හැකියාව ලැබෙනු ඇත.

මේ සම්බන්ධයෙන් ඒඩ්ල්වයිස් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී - Bernd Bauer මහතා අදහස් දක්වා ඇත්තේ මෙසේය :

“වෙනත් රටවල සංචාරකයන්ට වඩා ස්විස් වැසියන් වැඩිපුර කාලය හා මුදල් වැයකරන අතර, අප ගුවන්ගමන් මගින් වසරකට සංචාරකයන් 11,000ක් කොළඹට ගෙන එමින් ඇමෙරිකානු ඩොලර් මිලියන 32කට අධික ප්‍රමාණයක ආදායමක් ඉපයීමට මං පාදනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top