Pasidol
Sathosa Ad Final Sinhala
Dec 07, 2017

වර්ධන වර්චුවල් වොලට් වෙතින් උත්සවය සමයට වාසි මල්ලක්

එළැඹෙන නත්තල් සමය වෙනුවෙන් DFCC බැංකුව විසින් සිය වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවන් හට විශේෂ වාසි ගොන්නක් ලබාදීමට සැරසෙයි.

ඒ, ඇඟලුම්, අවන්හල්, සුපිරි වෙළඳහල්, ටැක්සි සේවා ඇතුළු සේවා රාශියක් ලබාගැනීමේ දී 60%ක් දක්වා වට්ටම් ලබාගැනීමේ හැකියාව ලබාදෙමිනි.

ටෑෂ්, ලාෆ්ස් සුපිරි වෙළඳසල්, කොට්න් කලෙක්ෂන්, මැක්ස් මාරා, ඩිවයින් හා සැන්විච් ෆැක්ටරි වෙතින් වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවන් හට 60%ක වට්ටම් ලබාගත හැකි වේ.

ඊට අමතරව කැන්ගරූ කැබ් සේවා ලබාගැනීමේදී 50%ක වට්ටම්ද, takas.lk, Mydeal.lk, Oceansbestlk.com හා Direct2Door.lk යන අන්තර්ජාල වෙළඳ සේවා ලබාගැනීමේදී 40%ක වට්ටම් ද ඔවුන්ට හිමිවේ.

DFCC බැංකුවේ ප්‍රධාන විධායක නිලධාරී - ලක්ෂ්මන් සිල්වා මහතා මේ සම්බන්ධයෙන් අදහස් දක්වා ඇත්තේ මෙසේය :

“නත්තල් සමය යනු පවුලේ සාමාජියකයන් හා මිතුරු මිතුරියන් සමග තෑගිභෝග බෙදාගනිමින් විශේෂ මතකසටහන් ඇතිකරමින් ගත කරන සමයක් වන අතර, මේ සඳහා වර්ධන වර්චුවල් වොලට් වෙතින් විශේෂ වට්ටම් රැසක් ලබාදීමට කටයුතු කරයි. වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවෙකු වීමට ඔබට DFCC ගණුදෙනුකරුවෙකුම වීම අවශ්‍ය නෑ. ඔබට ස්මාර්ට්ෆෝන් උපාංගයක් ඇති නම් අප ශාඛාවක් වෙත ගොස් හෝ 0112 350000 ඔස්සේ පැය 24ම ක්‍රියාත්මක වන අප පාරිභෝගික සේවය අමතා වර්ධන වර්චුවල් වොලට් ගණුදෙනුකරුවෙකු විය හැකියි.”

වැඩිදුර විස්තර සඳහා 0112 350000 ඔස්සේ පාරිභෝගික සේවය හා සම්බන්ධ වීමට හෝ www.dfcc.lk වෙබ්අඩවිය වෙත පිවිසිය හැක.

 

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top