Pasidol
Sathosa Ad Final Sinhala
Jan 24, 2018

‘කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ’ මෙවරත්

ලංකා ඉදිකිරීම් කර්මාන්තකරුවන්ගේ සංගමය හා ලංකා එක්සිබිෂන් ඇන්ඩ් කොන්ෆරන්ස් සර්විසස් එක්ව අඛණ්ඩව සත්වැනි වරටත් සංවිධානය කරන මෙරට ඉදිකිරීම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම ඉදිකිරීම් ප්‍රදර්ශනය වන ‘කන්ස්ට්‍රක්ෂන් එක්ස්පෝ 2018’ ප්‍රදර්ශනය ජුනි 29 - ජූලි 01 දා දක්වා කොළඹ බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේදී පැවැත්වේ.

“හරිත ශ්‍රී ලංකාවක් කරා” යන තේමාව යටතේ පැවැත්වෙන මෙම ප්‍රදර්ශනය සම්බන්ධයෙන් මාධ්‍ය හමුවක් මහනගර හා බස්නාහිර සංවර්ධන අමාත්‍ය - පාඨලී චම්පික රණවක මහතා ගේ ප්‍රධානිත්වයෙන් ඊයේ (23) කොළඹදී පැවැත්වුණි.

වෘත්තිකයන්, වැදගත් තීරණ ගනු ලබන පුද්ගලයන්, ගැනුම්කරුවන්, සැපයුම්කරුවන්, වෙළෙන්දන්, බෙදාහරින්නන් ඇතුළු 15000ත් - 20000ත් අතර පිරිසක් මෙම ප්‍රදර්ශනය නැරඹීමට පැමිණෙනු ඇතැයි සංවිධායකයන් බලාපොරොත්තු වේ.

තවද, චීනයේ Liaoning පළාත හා ශ්‍රී ලංකාව අතර ආර්ථික හා වෙළඳ සම්බන්ධතා තර කිරීමට විශාල පදනමක් ලබාදෙනු ඇත. එම පළාතේ නරග 7ක් නියෝජනය කරමින් ප්‍රධාන පෙළේ සමාගම් කිහිපයක්ම මෙවර ප්‍රදර්ශනයේදී ඉදිකිරීම් ද්‍රව්‍ය, හාඩ්වෙයාර් භාණ්ඩ, සෙරමික්, ඇළුමිනියම් උපාංග, නිදන කාමර කට්ටල හා බොහෝ දෑ ප්‍රදර්ශනය වනු ඇත.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top