Pasidol
Sathosa Ad Final Sinhala
Jan 29, 2018

ශ්‍රී ලන්කන් ලොක්කා ඉවත්කරන්න බැහැ ! Featured

ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස් ආයතනයේ ප්‍රධාන විධායක නිලධාරි සුරේන් රත්වත්ත මහතා එම තනතුරෙන් ඉවත් කිරීමටවැඩබලන අධ්‍යක්ෂ මණ්ඩලයකට බලය නැති බවත්, ප්‍රධාන විධායක නිලධාරියා තනතුරෙන් ඉවත් කිරීමට හැකියාව ඇත්තේ රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතාට බවත් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පවසා ඇතැයි වාර්තා වේ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් සුරේන් රත්වත්තේ මහතා වහාම ඉවත් කිරීමට එහි අධ්‍යක්ෂ මණ්ඩලය පසුගිය 25දා කටයුතු කර තිබිණ.

ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ අධ්‍යක්ෂ මණ්ඩලයේ සාමාජිකයන් 6 දෙනකු ඉකුත් දෙසැම්බර් මාසයේදී අස්වීමේ ලිපි බාර දුන්න ද නව අධ්‍යක්ෂ මණ්ඩලයක් ස්ථාපිත කරන තුරු එම අධ්‍යක්ෂ මණ්ඩලයටම රාජකාරී කරගෙන යන්නැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා දැනුම් දී තිබිණි.

ඡන්ද විමසීමක්:

මේ අනුව ඉල්ලා අස්වීමේ ලිපි බාරදීමෙන් පසු පළමු වරට පසුගිය බ්‍රහස්පතින්දා දිනයේදී (25) අධ්‍යක්ෂ මණ්ඩලය රැස් වී ප්‍රධාන විධායක නිලධාරී සුරේන් රත්වත්තේ තවදුරටත් එම ධුරයේ තබාගන්නේ ද යන්න සම්බන්ධයෙන් ඡන්ද විමසීමක් පවත්වා තිබේ.

එහිදි සුරේන් රත්වත්තේ මහතා ඉවත් කිරීමට පක්ෂව ඡන්ද 5ක් ලැබී තිබෙන අතර විපක්ෂව ලැබී ඇත්තේ ඡන්ද දෙකක් පමණි.

සුරේන් රත්වත්තේ මහතා ශ්‍රී ලන්කන් ගුවන් සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී තනතුරෙන් ඉවත් කිරීමට ඡන්දය දුන් පිරිස අතර සමාගමේ සභාපති අජිත් ඩයස් මහතා ද වේ. අජිත් ඩයස් මහතා ඉල්ලා අස්වීමේ ලිපි බාරදුන් සමාගමේ අධ්‍යක්ෂකවරුන් හයදෙනාගෙන් කෙනෙකි.

කෝප් කමිටුවට අසත්‍ය තොරතුරු ලබාදුන් බවට ද සුරේන් රත්වත්තේ මහතාට චෝදනා එල්ල වී තිබේ.

මේ අතර ඉදිරි දින කිහිපය ඇතුළත ‘ශ්‍රී ලන්කන් එයාර්ලයින්ස්’ සමාගමට නව අධ්‍යක්ෂ මණ්ඩලයක් පත්වනු ඇතැයි රාජ්‍ය ව්‍යවසාය සංවර්ධන අමාත්‍ය කබීර් හෂීම් මහතා ඉකුත් දා (17) මාධ්‍ය හමුවකදී පැවැසීය.

(සන්ඬේ ටයිම්ස් ඇසුරිනි)

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - [email protected] දුරකථන - +94 114 546 362

Top