Pasidol
Sathosa Ad Final Sinhala
‘ආශිර්වාදී මානමුදලි තම කුළුඳුල් ග්‍රන්ථය වන, ‘බ්ලොසම්ස්’ අතැතිව ‘ආශිර්වාදී මානමුදලි තම කුළුඳුල් ග්‍රන්ථය වන, ‘බ්ලොසම්ස්’ අතැතිව
Jan 30, 2018

පුංචි කුමරියන්ට දිරිදෙන ස්වදේශී ‘ලිට්ල් ප්‍රින්සස්’

ශ්‍රී ලංකාවේ ශාකසාර සනීපාරක්ෂක නිෂ්පාදනයේ පුරෝගාමී සමාගම වන කඳානේ සීමාසහිත ස්වදේශි කර්මාන්තායතනය නිපදවන දේශීය වෙළඳපොලේ එකම ළමා සනීපාරක්ෂක නිෂ්පාදන පෙළවන, ‘ලිට්ල් ප්‍රින්සස්’ සාහිත්ය හැකියාවන් වර්ධනය කරගැනීමට මෙරට දරුවන් දිරිමත්කිරීමේ වැඩසටහනක් පසුගියදා දියත් කෙරුණි.

එහි පළමු පියවර ලෙසින් මිගමුව, දළුවකොටුවේ, ලොයොලා විදුහලේ දහවන ශ්‍රේණියේ ඉගෙනුම ලබන ආශිර්වාදී මානමුදලි සිසුවිය විසින් රචිත කුළුඳුල් ග්‍රන්ථයවන, ‘බ්ලොසම්ස්’ (Blossoms) එළිදැක්වීමට ‘ලිට්ල් ප්‍රින්සස්’ අනුග්‍රාහකත්වය දැක්වීය. ආශිර්වාදි මානමුදලි සිසුවිය පාසල් ඉංග්‍රීසි දිනයේ පැවැත්වුණු කතාන්දර පැවසීම, කාව්‍ය රචනා හා නිවේදන අංශයන් හි අධ්‍යාපන කලාපීය මට්ටමේ ජයග්‍රහණ රැසක් හිමිකරගත් ශිෂ්‍යාවකි.

ස්වදේශී සමාගමේ ප්‍රකාශිකාවක පැවසුවේ, ‘ආශිර්වාදී මානමුදලි සිසුවිය විසින් රචිත මෙම ග්‍රන්ථය තුළ අන්තර්ගත නිර්මාණාත්මක බව හා පරිකල්පන ශක්තිය සැබෑ ලෙසින්ම පුදුම සහගතයි. එමෙන්ම ග්‍රන්ථයක් රචනාකිරීම බොහෝ නව අත්දැකීම් සඳහා කදිම දොරටුවක් බව ආශිර්වාදී මානමුදලි සිසුවිය ගේ මෙම ‘බ්ලොසම්’ තුළින් කදිම ලෙසින්ම විවරණය කිරීමෙන් එවැනි නිර්මාණාත්මක කාර්යයන් සඳහා සෙසු දරුවන්ද පොළඹවනසුළුවීම වැදගත්. විශේෂයෙන්ම වර්තමාන අධිතාක්ෂණික ලෝකය තුළ අපේ දරුවන් වේගයෙන් දියුණුවන ඩිජිටල් පරිසරයක ජීවත්වීම මාපියන් ලෙසින් අපට අභියෝග රැසකට මුහුණදීමට සිදුවන්නක්. එහෙයින් කියවීමේ හා ලිවීමේ හැකියාවේ ඌනතාවෙහි ප්‍රතිඵලය වන්නේ දුර්වල සන්නිවේදන හැකියාව හා නිර්මාණාත්මක හා පරිකල්පන ශක්තියේ හිඟතාව ඇතිවීමයි. ඩිජිටල් තාක්ෂණික පරිසරයට අභියෝග කරමින් තම සාහිත්යමය හැකියාව පුළුල් කරගැනීමට උත්සාහ දරණ ආශිර්වාදී මානමුදලි සිසුවිය වැනි දරුවන් දැකීමට ලැබීමත් සතුටක්. යම් දරුවෙකුගේ සාහිත්‍යමය හැකියාව වර්ධනයවීමෙන් ඔහු හෝ ඇගේ පරිකල්පන ශක්තිය, නිර්මාණාත්මකබව හා සන්නිවේදන හැකියාවන් දියුණුවෙනවා. එමෙන්ම එමගින් එම දරුවා තුළ ඉතා ප්‍රබල ආත්ම විශ්වාසයක් ගොඩනැගෙනවා.’ යන්නය.

ස්වදේශී සමාගමේ ප්‍රකාශිකාව තවදුරටත් පැවසුවේ, ‘තම සාහිත්‍යමය හැකියාව පුළුල් කරගැනීමට මෙරට දරුවන්ට ‘ස්වදේශී සමාගමේ ‘ලිට්ල් ප්‍රින්සස්’ සැමවිටම අතහිත හා සහයෝගය දැක්වීමට සූදානම්. එහෙයින් බොහෝ දරුවන් තම සාහිත්‍යමය හැකියාව හා දක්ෂතාව වර්ධනය කරගැනීමට ආශිර්වාදීගේ මෙම උත්සාහය ආදර්ශයට ගනීවී යැයි අප සිතනවා. තම හැකියාවන් වර්ධනය කරගැනීමට දරුවන් වැඩි පිරිසකට සම්බන්ධ විය හැකි වැඩසටහන් රැසක් වසර පුරා ‘ස්වදේශී ලිට්ල් ප්‍රින්සස්’ ක්‍රියාත්මක කරන බව දන්වන්නත් සතුටුයි.’ යන්නය.

දරුවන් ප්‍රබෝධමත් කරන මාදිලි තුනකින් මෙරට වෙළෙඳපොලට ඉදිරිපත් කෙරෙන ‘ස්වදේශී ලිට්ල් ප්‍රින්සස්’ නිෂ්පාදන පෙළට සබන්, කොලෝන්, ලෝෂන්, ෂැම්පු හා ෂවර් ජෙල් ‘පුංචි කුමරියන්ට’ ගැලපෙන ආකර්ෂණීය චරිත තුනකින් තෝරාගත හැක. එම ආකර්ෂණීය චරිත ත්‍රිත්වය වන්නේ Little Princess Jade Garden, Little Princess Rose Pettal හා Little Princess Sea Spray ය.

Little Princess Jade Garden යන්න සංකේතවත් කෙරෙන්නේ බොහෝ මිතුරු මිතුරියන් හිඳින ස්වභාව ධර්මයට ඇළුම් කරන සමාජශීලී ‘පුංචි කුමරියකි’. Little Princess Rose Petal තමාට හමුවන සැමෙකෙකුගේම ආදරයට ලක්වන ප්‍රසන්න හා ප්‍රීතිමත් සොඳුරු ‘පුංචි කුමරියක’ සංකේතවත් කෙරෙන අතර දියකිඳුරිය නියෝජනය කරන Little Princess Sea Spray වෙතින් සැමවිටම නිර්භීත ක්‍රියා හා නව අත්දැකීම් ලැබීමට ප්‍රිය කරන කදිම උනන්දුව සහිත ‘පුංචි කුමරියක’ සංකේතවත් කෙරේ. දරුවන්ට මෙම චරිත ත්‍රිත්වයෙන් කැමති නිෂ්පාදනයක් තෝරාගත හැක. ‘ලිට්ල් ප්‍රින්සස්’ වසර 1941 සිට ශ්‍රී ලංකාවේ ශාකසාර නිෂ්පාදන විශේෂඥයාවන ස්වදේශී සමාගමේ තවත් අනගි නිෂ්පාදනයකි.

Leave a comment

Make sure you enter all the required information, indicated by an asterisk (*). HTML code is not allowed.

මෙම ප්‍රවෘත්තිය පූර්ණවශයෙන් පිළිනොගන්නේ නම් ඔබට පිළිතුරු පල කර ගැනීමේ අයිතිය තිබේ. ඔබේ අනන්‍යතාවය සමඟ ඔබට පිළිතුරුදීමට හැකිය.
ඊමේල් - edi[email protected] දුරකථන - +94 114 546 362

Top